රට තුළ පවතින ඉන්ධන සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද (03) උදෑසන නිල වශයෙන් ප්‍රකාශ කළේය.
අද දින පෙරවරු 6:00 සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සක්‍රියව ආරම්භ කර ඇති අතර, ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග මේ වන විටත් නිකුත් කර තිබේ.
ඇතැම් ස්ථානවල සුළු අඩුපාඩු පැවතිය හැකි වුවද, අද දහවල් වන විට දිවයිනේ කිසිදු පිරවුම්හලක ඉන්ධන හිඟයක් හෝ පෝලිම් පැවතිමට හේතුවක් නොමැති බව සභාපතිවරයා අවධාරණය කළේය.
අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් (Panic buying) වළකින ලෙසත්, සාමාන්‍ය පරිදි දෛනික අවශ්‍යතාවලට පමණක් ඉන්ධන ලබා ගනිමින් සහයෝගය දක්වන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.














