• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පාසල් මට්ටමින් සංවර්ධන සංචිතයක් නිර්මාණය කරනවා – අමාත්‍ය නාමල්

17 December 2021
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක් එක් ස්ථානවලට පළාත් මට්ටමින් නිශ්චිත ක්‍රීඩකයින් ප්‍රමාණයක් හදුනාගෙන ඉදිරියට රැගෙන ඒමේ වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 15 වනදා පළාත් මට්ටමේ පාසල් සත් සාමාජික රග්බි තරගාවලියට ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදීම සම්බන්ධව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙම සත් සාමාජික රග්බි තරගාවලිය ක්‍රීඩා අමාත්‍යාංශයේ රග්බි උපදේශක කමිටුවේ නිර්දේශ මත අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

තරගාවලිය 2021 දෙසැම්බර් 18 සිට 31 දක්වා පැවැත්වේ. ක්‍රීඩකයින් ඔවුන්ගේ පාසල් විසින් අධීක්ෂණය කරනු ලබන ජෛව ආරක්ෂිත පරිසරයක සිටින අතර වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ (Rapid Antigen Test) නියමිත කාල සීමාවන්හිදී සිදු කෙරේ.

මෙම අන්තර් පළාත් සත් සාමාජික රග්බි තරඟාවලිය සඳහා නිල අනුග්‍රාහකත්වය ඩයලොග් ආසියාටා පී.එල්.සී සමාගම විසින් ලබාදේ. 

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. ‘‘පාසල් රගර් ක්‍රීඩාව නැවත වතාවක් ආරම්භ කිරීමට මුල පිරීම පිළිබදව පාසල් රග්බි සංගමයට හා ඩයලොග් ආයතනයට මම ස්තූතිවන්ත වෙනවා. රග්බි ක්‍රීඩාව සම්බන්ධව අමාත්‍යතුමාට හා අමාත්‍යාංශයට උපදෙස් ලබාදීම සදහා පත් කරන ලද අසංක සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව රග්බි සංගමය සමග එක්ව සාකච්ඡා කර නැවත වතාවක් රට තුළ රග්බි ක්‍රීඩාව ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. කොවිඩ් 19 වසංගතයත් සමග අපේ රටේ සමස්ථ ක්‍රීඩාව අඩපණ වුණා. කොවිඩ් වසංගතය මැඩපවත්වාගෙන ජාත්‍යන්තර තරග පැවැත් වූ දකුණු ආසියාවේ පළමු රට බවට අපි පත්වුණා. ‘රග්බි 7s’ ආසියානු පදක්කමක් ලබා ගත හැකි ක්‍රීඩාවක් බව අපි විස්වාශ කරනවා. ඒ ගමන යාමට අපි පාසල් මට්ටමින් රග්බි ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඉහල මට්ටමින් පවත්වාගෙන යා යුතුයි. සත් සාමාජික එක් රග්බි තරගාවලියක් පමණක් ක්‍රීඩා කර ප්‍රතිඵල ලැබිය නොහැකි නිසා අවම වශයෙන් තරගාවලි තුනක්වත් පැවැත්විය යුතුයි කියන යෝජනාව උපදේශක කමිටුවට හා පාසල් රග්බි සංගමයට මම කළා. ඒ හරහා හොද ජාතික කණ්ඩායමක් ඉදිරි වසරවල නිර්මාණය කරන්න හැකියාව ලැබේවී. ජාතික ක්‍රීඩා සභාව හරහා පළාත්වලට කණ්ඩායම් ක්‍රීඩා පළාත් සංචිතයක් ඇති කිරීමේ ක්‍රමවේදයක් හදුන්වා දෙනවා. මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම් සංචිතගත කිරීම ආරම්භ කර තිබෙනවා. රග්බි සංගමය හා පාසල් රග්බි සංගමය සමග අවුරුදු 15න් පහළ සිට ඉහලට සංචිත ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙනවා. එක් එක් ස්ථානවලට පළාත් මට්ටමින් නිශ්චිත ක්‍රීඩකයින් ප්‍රමාණයක් හදුනාගෙන ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවර්ධන සංචිතයක් ලෙස පාසල් මට්ටමින් ඉදිරියට රැගෙන ඒමේ වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරනවා. ඉදිරියේදී ඒ තුළින් අපිට සත් සාමාජික රග්බි සදහා ඉතා හොද මට්ටමේ ක්‍රීඩකයින් පිරිසක් හඳුනාගන්න හැකිවේවි. බොහෝ විට අපි මේ වන තෙක් ජාතික කණ්ඩායම් තේරුවේ එක් සත් සාමාජික තරගාවලියක් ක්‍රීඩා කිරීමෙන්. එහි ප්‍රතිඵල බැලුවාම ඉදිරියට එන්න ඉතාමත් අපහසුයි. කාන්තා රග්බි ක්‍රීඩාවෙන් මීට පෙර අපි හොද මට්ටමක හිටියා. නමුත් දැන් බොහෝ රටවල් අපිව පසුකරගෙන ගිහින්. පාසල් මට්ටමින් ආරම්භ කළොත් ඉදිරියේදී හොද ක්‍රීඩිකාවන් පිරිසක් කාන්තා රග්බිවලට හදුනාගන්න අපිට පුලුවන්. මේ සැලසුම් අනුව ගියොත් රග්බි ක්‍රීඩාව තුළ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන්න, පදක්කම් ලබන ක්‍රීඩාවක් බවට මෙය පත් කරන්න අපිට හැකියාව ලැබෙයි. අද ක්‍රීඩා අමාත්‍යාංශය සමග ඉතාමත් ලෙංගතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ නිසා අපිට ක්‍රීඩා අමාත්‍යාංශය තුළ වැඩ කටයුතු කරන්න ඉතාමත් පහසු වී තිබෙනවා. එසේ නොවුණා නම් මේ තරම්ද දුරට ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රබෝධයක් සහ ප්‍රතිඵල ලබාගැනීමට අපහසු වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව හොද අවබෝධයකින් කටයුතු කිරීමට ලැබීම නිසා අද අපිට ක්‍රීඩාවෙන් හොද ප්‍රතිඵල ලබාගන්න හැකි වී තිබෙනවා. ඉදිරි වසර කිහිපය තුළ පාසල් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. පළාත් මට්ටමින් වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම් ක්‍රීඩා සදහා විධිමත් සැළැස්මක් හදන්න අපි කටයුතු කරනවා. ජාතික මට්ටමින් ක්‍රීඩකයින් තේරීමේදී අලුත් ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූලව ක්‍රීඩාවට ආවේණික වූ පළාත්වලට වෙන් කිරීම තුළත් ඉතාමත් හොද තරගාවලියක් නිර්මාණය කර ගත හැකි බව අපි විස්වාශ කරනවා. ඩයලොග් ආයතනයට මම ස්තූතිවන්ත වෙනවා. හැමදාම ක්‍රීඩාව සමග ඔබ හිටියා. ක්‍රීඩාව ගොඩ නඟන්න විශාල දායකත්වයක් ලබාදෙනවා. ආයෝජනය කරනවා. එම ආයෝජනය නිසා අපිට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන්න හැකියාව ලැබී තිබෙනවා. ක්‍රීඩා සංගම් වලින් සහ විශේෂයෙන්ම පාසල් ක්‍රීඩා සංගම්වලිනුත් මම ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කර දරුවන්ගේ ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරන ලෙසට. මෙම තරගාවලිය විනිවිදභාවයකින් යුතුව ඉතාමත් හොදින් පවත්වන්න කියන ඉල්ලීමත් කරනවා. ලබන වසරේ සත් සාමාජික තරගාවලි තුනකට ක්‍රීඩා කළ හැකි වන පරිදි මෙය ප්‍රතිව්‍යුහගත කරාවි යැයි මා බලාපොරොත්තු වෙනවා. පාසල් කණ්ඩායම්වලටත් විදේශ සංචාර, විදේශ කණ්ඩායම් සමග ක්‍රීඩා කරන්න අවස්ථාව උදා කරදීමට බලාපොරොත්තු වෙනවා. එහි ආරම්භයක් ලෙස මේ වසරේ දෙසම්බර් මස හොකී කණ්ඩායම් දෙකක් ඕමාන් රාජ්‍යයේ පළවෙනි දෙවෙනි කණ්ඩායම් දෙක සමග ක්‍රීඩා කරන්න විදේශගතවෙනවා. වොලිබෝල් කණ්ඩායම් දෙක ලබන වසරේ මුල විදේශ සංචාරයකට සහභාගී කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදියට රග්බි වලත් ජයග්‍රහණය කරන සත් සාමාජික කණ්ඩායමට විදේශ ක්‍රීඩා කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමට අවස්ථාව සළසා දෙනවා’’ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ දයා බණ්ඩාර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.පී. කිරිඇල්ල, රග්බි උපදේශක කමිටුවේ ප්‍රධානී අසංග සෙනෙවිරත්න, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති බී.ඒ. අබේරත්න, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම, ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමාලි නානායක්කාර, ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, සන්නාම සහ මාධ්‍ය හර්ෂ සමරනායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 1
Previous Post

ඉතිහාසයේ ගැඹුරුතම අර්බුදයට ආර්ථිකය රට මුහුණදී තිබෙනවා – ජවිපේ නායක අනුර

Next Post

INSEE සමාගමේ රුහුණු කර්මාන්ත ශාලාවේ සිමෙන්ති ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනයකින් වැඩි කිරීමට පියවර

editor

editor

Next Post

INSEE සමාගමේ රුහුණු කර්මාන්ත ශාලාවේ සිමෙන්ති ඇඹරුම් ධාරිතාව ටොන් මිලියනයකින් වැඩි කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025

Recent News

අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved