• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පඩුකරඳ හෙවත් ශාඛය රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර නැත – පරිසර අමාත්‍යංශය

7 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පඩුකරඳ හෙවත් Crudia Zeylanica ශාඛය 2020 රතු දත්ත ලැයිස්තුවෙන් කිසිසේත්ම ඉවත් කර නොමැති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

පඩුකරඳ හෙවත් Crudia Zeylanica ශාඛය 2020 රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ ව ඇති ප්‍රවෘත්ති පරිසර අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර ඇත.

එහෙත් එම පුවත්වල කිසිදු සත්‍යතාවයක් නැති බව පරිසර අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නැවතත් මේ සම්බන්ධව අදාල බලධාරින් වෙතින් කරුණු විමසා සිටි අතර ඔවුන් කියා සිටියේ කිසිසේත්ම එම ශාඛය රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් නොකරණ බවයි.

2012 දී පළ කරන ලද රතු දත්ත ලැයිස්තුවේ දී ශ්‍රී ලංකාවෙන් තුරන් ව ගිය (Extinct) ශාඛ පහක් රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබිනි.

ඒවා නම් (I) Rinorea decora (Violaceae), (II) Rinorea bengalensis (III) Crudia zeylanica (Fabaceae) (IV) Strobilanthes caudata (Acanthaceae), (V) Blumea angustifolia (Asteraceae). යන වර්ග පහයි.

එහෙත් 2012න් පසු සිදු කරන ලද උද්භිද විද්‍යා සමීක්ෂණවල දී මේ අතරින් 2020 ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තුව සකස් කිරීමේ දී Rinorea decora (Violaceae), Rinorea bengalensis, Crudia zeylanica (Fabaceae) යන විශේෂ 03 ම නැවත සමීක්ෂණ මගින් රැස් කරනු ලැබ තිබේ.

Crudia zeylanica හෙවත් පඩු කරඳ ශාඛය ඉන් එකකි. අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී මහත් ආන්දෝලනයට ලක් වුයේ එම ශාඛයකි. නමුත් මෙම ශාඛය හඳුනා ගැනීමත් සමග එම ශාඛය තවත් ස්ථාන කිහිපයකින් හඳුනා ගනු ලැබීය.

එමනිසා එම ශාඛය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් වඳව ගිය Extinct විශේෂයක් ලෙස නොසැළකේ. එසේ වුවද එම ශාඛය රතු දත්ත ලේඛනයෙන් ඉවත් වන්නේ නැත. එය ඊළග වර්ගීකරණයට එනම් අවදානමට ලක් වූ ශාඛයක් ලෙස තවදුරටත් රතු දත්ත ලැයිස්තුවේ අන්තර් ගත වේ.

නමුත් 2012 ශාඛ රතු දත්ත ලැයිස්තුවේ අන්තර්ගත වූ ශ්‍රී ලංකාවෙන් වඳ ව ගොස් ඇතැයි සැළකෙන Strobilanthes Caudata (Acanthaceae), Blumea angustifolia (Asteraceae). ශාඛ විශේෂ දෙක 2020 රතු දත්ත ලැයිස්තුවේ ද අප රටෙන් වඳ වී ගිය ශාඛ දෙකක් ලෙස තවදුරටත් නම් කරනු ලැබ තිබේ.

Doona ovalifolia (Dipterocarpaceae) and Alphonsia hortensis (Annonaceae) ස්වාභාවික පරිසරයෙන් වඳ වී ගොස් ඇති කාණ්ඩයේ (Extinct in Wild ) 2012 රතු දත්ත ලැයිස්තුවේ අන්තර් ගතය.

Eugenia xanthocarpa (Myrtaceae) වත්මන් එනම් 2020 රතු දත්ත ලැයිස්තුවේ ස්වාභාවික පරිසරයෙන් වඳ වී ගිය (Extinct in Wild ) කාණ්ඩයට ඇතුළත් කර තිබේ.

Alphonsea hortensis and Eugenia xanthocarpa දැනට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සජීවි ශාක නිදර්ශණ එකතුවේ වගා කර ඇත.
එමනිසා පඩුකරඳ හෙවත් Crudia Zeylanica ශාඛය 2020 රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති පළ වී ඇති වාර්තා සාවද්‍ය වේ.
මෙම රතු දත්ත ලැයිස්තුව සකස් කිරීමේ දී ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) නිර්ණායක අනුව සකස් කරනු ලැබේ. එමනිසා අපිට අවශ්‍ය පරිදි රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට හෝ ඉන් ඉවත් කිරීමට නොහැකිය.

Post Views: 5
Previous Post

කොවිඩ් ව්‍යසනය මැද ජීවිත රැක ගැනීම ප්‍රමුඛ අරමුණයි – සෞඛ්‍ය ඇමැති

Next Post

මහජන ආරක්ෂක ආඥා පනතට අනුව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට, අදාළ නිලධාරීන්ට නියෝග දිය හැකියි

editor

editor

Next Post

මහජන ආරක්ෂක ආඥා පනතට අනුව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට, අදාළ නිලධාරීන්ට නියෝග දිය හැකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved