කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (25) දිනය අවසානයේ පෙර නොවූ විරූ දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබේ. දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 797.62කින් ඉහළ ගොස් ඇති අතර, එය සටහන් වූයේ ඒකක 21,868.85ක් ලෙසයි.
අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.4ක් ලෙස වාර්තා වූ අතර, මෙය මෑත කාලීනව වාර්තා වූ ඉහළම ගනුදෙනු අගයන්ගෙන් එකකි. ආර්ථිකයේ පවතින ඇතැම් අර්බුදකාරී වාතාවරණයන් මධ්‍යයේ වුවද, ආයෝජකයින් තුළ ඇති වූ දැඩි උනන්දුව සහ විශ්වාසය මෙම හදිසි පිම්මට හේතු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. විශේෂයෙන්ම බලශක්ති, බැංකු සහ අපනයන ක්ෂේත්‍රවල කොටස් සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බව නිරීක්ෂණය විය.












