යුරෝපීය මධ්‍යධරණී භූ විද්‍යා මධ්‍යස්ථානය (EMSC) වාර්තා කරන පරිදි කියුබාව ආශ්‍රිතව අද (17) දිනයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබේ. මෙම භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 15ක් (සැතපුම් 9.3ක්) පමණ ගැඹුරින් සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය තහවුරු කරයි. ප්‍රහාරයේ ප්‍රබලත්වය හේතුවෙන් සිදුවූ හානි පිළිබඳව තවමත් නිල වාර්තා නිකුත් වී නොමැති අතර, සහන සේවා අංශ මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවේ.














