කියුබාව මුහුණ දී සිටින දරුණු ඉන්ධන හිඟය හමුවේ එරට ප්‍රධාන විදුලි බලාගාරයක් “අනපේක්ෂිත ලෙස” ඇනහිටීම නිසා බදාදා දින මිලියන සංඛ්‍යාත ජනතාවකට විදුලිය විසන්ධි වී තිබේ. මෙය එරට මෑත කාලීනව මුහුණ දුන් දරුණුතම විදුලි බිඳවැටීම් මාලාවේ නවතම සිදුවීම වන අතර, මේ හේතුවෙන් දිවයිනෙන් තුනෙන් දෙකක ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇත.
කියුබානු ජාතික විදුලි සමාගම (UNE) පවසන පරිදි, මධ්‍යම ප්‍රදේශයේ සිට බටහිර දෙසට වන්නට පිහිටි පිනාර් ඩෙල් රියෝ දක්වා වූ විශාල ප්‍රදේශයක් සහ අගනුවර වන හවානා මෙලෙස සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලී ගොස් තිබේ. ජනවාරි මාසයේ සිට අමෙරිකාව විසින් කියුබාවේ ප්‍රධාන මිත්‍රයෙකු වන වෙනිසියුලාවෙන් ලැබෙන තෙල් නැව්ගත කිරීම් වළක්වමින් එල්ල කරන දැඩි පීඩනය, මෙම බලශක්ති අර්බුදය තවදුරටත් උග්‍ර වීමට ප්‍රධාන හේතුව වී ඇත.














