රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී තවමත් සැකකරුවෙකු පමණක් බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කරයි. අත්අඩංගුවට ගනු ලැබූ හිටපු බුද්ධි ප්‍රධානියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින පසුබිමක විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.
විමර්ශන කටයුතු ස්වාධීනව සිදුවන බැවින් එමගින් නිශ්චිත තොරතුරු අනාවරණය වන තෙක් කිසිදු පාර්ශවයක් අනවශ්‍ය පරිදි කලබල විය යුතු නැති බව සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් සඳහන් කළහ. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, විමර්ශන කටයුතුවලට බාධාවකින් තොරව ඉඩ ලබාදිය යුතු බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.














