දකුණු කොරියාවේ ඩේජියොන් (Daejeon) නගරයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව තුවාල ලැබූවන් අතරින් 35 දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔවුන් රෝහල්ගත කර ඇති බව සඳහන් වේ. සෝල් අගනුවරට කිලෝමීටර් 160ක් පමණ දුරින් පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ ගින්න හටගත් අවස්ථාවේදී සේවකයින් විශාල පිරිසක් එහි සිට ඇති බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් විශාල පිරිසක් යොදවා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.














