සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව ඊයේ (07) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි වෙළඳසැල් කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ වැටලීමකට ලක් කර තිබේ. රජය නියම කළ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම, නිසි පරිදි මිල ප්‍රදර්ශනය නොකිරීම සහ තවත් විවිධ පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙහිදී වෙළඳුන් රැසක් හඳුනාගෙන ඇත.
මෙම වැටලීම් සහල් වැඩි මිලට අලෙවි කරන පිරිස් මැඩලීම සඳහා දැනට දිවයින පුරා ක්‍රියාත්මක වන පුළුල් මෙහෙයුමක කොටසක් ලෙස සිදුකර ඇති අතර අදාළ වැරදි සිදු කළ වෙළඳුන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. පාරිභෝගිකයින් සුරාකෑම වැළැක්වීම සඳහා මෙවැනි වැටලීම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය අවධාරණය කර සිටියි.














