දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ සිසිරවත්ත හන්දිය ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් ගමන් කරමින් සිටි යතුරුපැදියක් අද (මාර්තු 04) උදෑසන හදිසියේ ගිනිගෙන විනාශ වී ඇති බව දඹුල්ල පොලිසිය පවසයි.
කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ කොප්පරා බෑගයක් රැගෙන තෙල් මෝලක් වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම ගින්න හටගෙන තිබේ. යතුරුපැදියෙන් එකවරම ගින්නක් හටගන්නා බව දුටු වහාම ක්‍රියාත්මක වූ දෙදෙනා ඉන් බැස ඇති අතර, ඔවුන් බිමට බසිනවාත් සමඟම ගින්න මුළු යතුරුපැදිය පුරාම වේගයෙන් පැතිර ගොස් ඇත.
අසල සිටි ප්‍රදේශවාසීන් වහා මැදිහත් වී දැඩි උත්සාහයකින් පසුව ගින්න නිවා දැමීමට සමත් වුවද, යතුරුපැදියට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. වාසනාවකට මෙන් මෙම අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැත.














