ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක, 2026 අයි.පී.එල්. (IPL) තරඟාවලිය සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්වන බව එම සංචිතය නිල වශයෙන් නිවේදනය කර තිබේ. එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් (Sam Curran) ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස දසුන්ව මෙලෙස සංචිතයට ඇතුළත් කර ඇත.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර මහතා සඳහන් කළේ, සෑම් කරන්ගේ අඩුව පිරවීමට සහ කණ්ඩායමේ සමබරතාවය පවත්වා ගැනීමට දසුන් ශානකගේ තුන් ඉරියව් දක්ෂතා බෙහෙවින් ඉවහල් වනු ඇති බවයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය මධ්‍යයේ වුවද, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටී. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ලබන මාර්තු 30 වැනිදා ගුවහාටිහිදී චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.














