ශ්‍රී ලංකාවේ බජාජ් (Bajaj) නිෂ්පාදන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (David Pieris Motor Company), බජාජ් නියමිත අමතර කොටස් මිලදී ගත් පාරිභෝගිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘බජාජ් Genuine සුපිරි වාරේ’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග පිරිනමා තිබෙනවා.
මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා ජයග්‍රාහකයා ලෙස තේරී පත් වූ මොරටුව, කටුකුරුන්ද ප්‍රදේශයේ ලක්මාල් ප්‍රසන්න ප්‍රනාන්දු මහතාට පළමු ත්‍යාගය ලෙස නවතම බජාජ් ත්‍රිරෝද රථයක් පිරිනමන ලැබුවා. එසේම දෙවන ත්‍යාගය වූ අලුත්ම බජාජ් පල්සර් (Bajaj Pulsar N160 Premium) යතුරුපැදිය හිමිකර ගැනීමට ඇල්පිටිය, කටන්දොල ප්‍රදේශයේ ආර්. කේ. අජිත් කුමාර මහතා සමත් වුණා.
මීට අමතරව තවත් ජයග්‍රාහකයන් පස් දෙනෙකු සඳහා රුපියල් 50,000 බැගින් වූ මුදල් ත්‍යාග ද, ජයග්‍රාහකයන් 10 දෙනෙකු සඳහා රුපියල් 25,000 බැගින් වූ ටයර් වවුචර් පත් ද පිරිනමා තිබෙනවා. තවත් ජයග්‍රාහකයන් 15 දෙනෙකු සඳහා ‘Pearl Bay’ පවුලේ පැකේජ හිමි වූ අතර සති 9ක් පුරා ක්‍රියාත්මක වූ මෙම ප්‍රවර්ධන කාලසීමාවේදී සතිපතා තේරී පත් වූ ජයග්‍රාහකයන් 25 දෙනෙකු සඳහා රුපියල් 10,000 බැගින් වටිනා අමතර කොටස් ලබාගැනීමේ වවුචර් පත් ද පිරිනමා ඇති බව සඳහන්.














