බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි. අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ආයතන සංග්‍රහයේ 27(10) වගන්තිය සහ අල්ලස් හෝ දූෂණ පනතේ 162 වැනි වගන්තිය අනුව රජයේ නිලධාරියෙකුට එරෙහිව අපරාධ නඩුවක් හෝ අල්ලස් නඩුවක් ගොනු කර ඇති අවස්ථාවක ඔහුට තවදුරටත් එම තනතුරේ රැඳී සිටීමට නීතිමය අවකාශයක් නොමැති බවයි. මෙහිදී ‘රාජ්‍ය නිලධාරියා’ යන්නට ජනාධිපති, අගමැති සහ කැබිනට් අමාත්‍යවරුන් ද ඇතුළත් වන බව පෙන්වා දුන් දයාසිරි ජයසේකර මහතා, ජනාධිපතිවරයා මෙම අමාත්‍යවරයාව ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට විරුද්ධ පක්ෂය සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.














