ඩී.සී.එස්.එල්. බෲවරිස් ලංකා (DCSL Breweries Lanka) පුද්ගලික සමාගම විසින් මෙරට නිෂ්පාදනය කරනු ලබන ‘Aliya Beer’ සන්නාමය ජාත්‍යන්තර වෙළඳපොළ වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇති බව නිවේදනය කර තිබේ. දේශීය වෙළඳපොළ තුළ ලබාගත් ඉහළ ජනප්‍රියතාවයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සැබෑ රසය ලොවට හඳුන්වා දීමේ අරමුණින් මෙම අපනයන කටයුතු ආරම්භ කර ඇත. ‘Strong’ සහ ‘Lager’ යන ප්‍රභේද දෙකෙන්ම ලබාගත හැකි මෙම නිෂ්පාදනය ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සුරකිමින් ජාත්‍යන්තර පාරිභෝගික රුචිකත්වයට ගැලපෙන පරිදි ඉතා උසස් අන්දමින් සකස් කර තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය, ශක්තිය සහ එකමුතුකම තේමාව කරගනිමින් නිපදවා ඇති අලියා බීර් සන්නාමය හුදෙක් පානයක් පමණක් නොව ශ්‍රී ලාංකීය උරුමය ලොවට ගෙන යන උපහාරයක් ලෙස සමාගම හඳුන්වයි. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සන්නාම දැනුවත්භාවය වර්ධනය කරමින් ශක්තිමත් පාරිභෝගික පදනමක් ගොඩනැගීම DCSL බෲවරිස් ලංකා සමාගමේ මූලික ඉලක්කය වී ඇත. මෙමගින් ශ්‍රී ලාංකීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ නිෂ්පාදන උරුමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසේ.
ඩී.සී.එස්.එල්. බෲවරිස් ලංකා සමාගමේ විකුණුම් හා අලෙවි අධ්‍යක්ෂ කසුන් ජයවර්ධන මහතා සඳහන් කළේ අලියා බීර් හරහා ශ්‍රී ලංකාවේ පාරම්පරික ගුණාත්මකභාවය ලොවට බෙදා ගැනීමට ලැබීම වැදගත් ජයග්‍රහණයක් බවයි. දැනටමත් Heineken සහ Tiger වැනි ජාත්‍යන්තර සන්නාම මෙන්ම Bison වැනි දේශීය සන්නාම රැසක් කළමනාකරණය කරන DCSL සමාගම, අලියා බීර් ජාත්‍යන්තරයට රැගෙන යාම හරහා සිය නිෂ්පාදන පෙළ තවදුරටත් ශක්තිමත් කර තිබේ.














