ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 වැනිදා සිකුරාදා පැවැත්වීමට තීරණය කර තිබේ. විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනාව හරහා ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු එදින පාර්ලිමේන්තුවේදී අනාවරණය කිරීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවේදී මෙම ගල්අඟුරු ගනුදෙනු පිළිබඳව උණුසුම් සංවාද ඇතිවූ අතර, විපක්ෂය දිගින් දිගටම චෝදනා කළේ රජය විසින් ඉහළ මිල ගණන් යටතේ ගල්අඟුරු මිලදී ගැනීම හරහා විශාල මහජන මුදලක් නාස්ති වී ඇති බවයි. මෙම විවාදයේදී රජයේ පාර්ශ්වය විසින් එල්ල වන චෝදනාවලට ලබා දෙන පිළිතුරු සහ විපක්ෂය ඉදිරිපත් කරන නවතම තොරතුරු පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් පසුවේ.














