• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ආරක්ෂක අංශ නව දැනුමින් සන්නද්ධ කළ යුතුයි – ජනපති

15 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නෙලුම් පොකුණ රඟ‍හලේදී ඊයේ (14) පස්වරුවේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමිනි. ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීන් 148 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත්හ.

ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් ආරක්ෂක විද්‍යාලය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ජාත්‍යන්තරයේ සිදුවන හමුදා ක්‍රියාකාරකම් දෙස බැලූ විට මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරි දශකයට ගැළපෙන පරිදි මෙරට ආරක්ෂක හමුදාව සූදානම් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශ රටවල ආරක්ෂක අංශ නිලධාරින්ටත් ශ්‍රී ලංකාවේ පාඨමාලාවලට සහභාගීවීමට අවස්ථාව සලසා දීම තුළින් ආරක්ෂක අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට හැකියාව පවතින බවද පැවසීය.

ආසියානු කලාපයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් සතුව විශේෂ හැකියාවන් පවතින බවත්, එම හැකියාවන්ට කෘත්‍රීම බුද්ධිය වැනි නව තාක්ෂණික දැනුම එක් කිරීම මගින් නවීන ආරක්ෂක සේනාවක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ආරක්ෂක උපාය මාර්ග කරුණු අධ්‍යනය කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, කැඩෙට් පුහුණු පාසල සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය යන ආයතන ත්‍රිත්වයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවද ජනාධිපතිවරයා පැවසීය.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමේ දේශපාලනික ස්වභාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය අනුකම්පාව දිනා ගැනීම සඳහා විවිධ රටවල් ගෙන යන ක්‍රියාකලාපයද මෙහිදී අනාවරණය කළේය.

වර්තමානයේ ජාත්‍යන්තර යුද ගැටුම් ඇතැම් මාධ්‍ය ඔස්සේ මහජන කතිකාවතක් දක්වා විකාශනය වී ඇති බවත් එමඟින් ලෝක මහජන ආරක්ෂාවට අනිසි අන්දමින් බලපෑම් එල්ලවිය හැකි බවත් සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායික ආරක්ෂක යුද ක්‍රමවේදවලින් ඉවත්ව ගෙන යන මෙම යුද ගැටුම් ස්වභාවය අනාගත මානව වර්ගයාට බලපෑ හැකි අන්දම පිළිබඳ අධ්‍යනය කළ යුතු බවද සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ‍විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ‍සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

සංවර්ධන ව්‍යාපෘති 200ක වැඩ ලබන වසරේ මුල් කාර්තුවේදී යළි අරඹනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

Next Post

පොහොට්ටුවේ මහ සම්මේලනය අද කොළඹදී

editor

editor

Next Post

පොහොට්ටුවේ මහ සම්මේලනය අද කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved