දැව ප්‍රවාහන බලපත්‍ර සකස් කර දීම සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනා මත දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සිව්දෙනෙකු සහ ලී මෝල් හිමිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිය නිවසේ ඉදිකිරීම් සඳහා මිලදී ගත් කොස් දැව ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලබාගැනීමට යාමේදී රුපියල් 1,000 සිට 10,000 දක්වා විවිධ ප්‍රමාණයේ අල්ලස් මුදල් ලබාගත් බවට මෙම පිරිසට චෝදනා එල්ල වී ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් දෙදෙනෙකු, නිලධාරිනියක් සහ බිට්ටු වන නිලධාරියෙකු ඇතුළත් වන අතර ඔවුන් අද දිනයේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














