දෙහිවල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ අරමුණින් ගිනි අවි සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි 18 හැවිරිදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ. මොහු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “බඩෝවිට අසංක” නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන “සැන්ඩෝ” නැමැති අයගේ ප්‍රධාන සහයකයෙකු බවට අනාවරණය වී ඇත. සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, T56 මැගසිනයක් සහ ජීව උණ්ඩ 30ක් ඇතුළු ආයුධ කොටස් රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.














