වසර ගණනාවක විශ්වාසනීය සේවාවක් සපයන ඩෙලෙයාර් ට්‍රැවල්ස් (Delair Travels) ආයතනය, ඩෙල්මේජ් සමූහ ව්‍යාපාරයේ සන්නාම අනන්‍යතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ඩෙල්මේජ් ට්‍රැවල්ස් (Delmege Travels) ලෙස සිය නාමය වෙනස් කර තිබේ. මෙම ප්‍රතිසන්නාමකරණය හරහා සමූහයේ අනෙකුත් සේවාවන් සමඟ මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීමටත්, පාරිභෝගික විශ්වාසය සහ වෙළඳපොළ පිළිගැනීම තවදුරටත් වර්ධනය කර ගැනීමටත් අපේක්ෂා කෙරේ. ගුවන් ටිකට්පත් නිකුත් කිරීම, වීසා පහසුකම් සැලසීම සහ දේශීය හා විදේශීය සංචාරක සේවාවන් ඇතුළු සියලු මෙහෙයුම් මින් ඉදිරියට ඩෙල්මේජ් ට්‍රැවල්ස් නාමය යටතේ වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක වනු ඇත.
මෙම නාමික වෙනස සිදුවුවද සමාගමේ පිරිස් බලය හෝ ලබාදෙන සේවාවන්හි කිසිදු වෙනසක් සිදු නොවන අතර, පාරිභෝගිකයන්ට අඛණ්ඩව උසස් තත්ත්වයේ සේවාවක් බලාපොරොත්තු විය හැකි බව සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සොනාලි රණසිංහ මහත්මිය පවසයි. ඩෙල්මේජ් සමූහයේ මව් සමාගම වන වැලිබල් වන් (VallibelOne) හි කළමනාකාර අධ්‍යක්ෂ දිනුෂා භාස්කරන් මහත්මිය සඳහන් කළේ, මෙම පියවර හරහා සමූහ ව්‍යාපාරය සතු විවිධාංගීකරණය වූ සේවාවන් එක් සන්නාමයක් යටතට ගෙන ඒම මඟින් අනාගත වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් වැටෙන බවයි.














