ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගීවන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමිණෙන රාජ්‍ය නිළධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියට උපදෙස් දුන්නේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ,ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (15)පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ගනුලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්කාර්යාලය දැඩි අවධානයකින් පසුවන බවයි.
එබැවින් සම්බන්ධීකරණ කමිටු සදහා රාජ්‍ය නිළධාරින් නොපැමිණිවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම අපහසු වන බවයි.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” පළාත් සභාව හෝ මධ්‍යම රජය මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සම්බන්ධීකරණ කමිටුවලට යොමුකර අනුමැතිය ලබාගන්න. එතකොට අදාළ කොට්ඨාසවල ග්‍රාමීය කමිටු දැනුවත් කරන්න පුළුවන්. ඒ කමිටුවලින් ලැබෙන ප්‍රතිචාර අනුව අඩුපාඩු මඟහරවා ගෙන ව්‍යපෘති සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය නැතිව නිළධාරින්ගේ හිතවත්කම්වලට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඉඩදෙන්න බැහැ. එහෙම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලින් ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. එතකොට බැණුම් අහන්නෙ නිළධාරින් නෙමෙයි දේශපාලනඥයින් වන අපියි. රාජ්‍ය ආයතනවල ස්ථීර තැන්පතු තියාගැනීම අනවශ්‍යයි කියල විගණනයෙදි කියනවා. ඒව ජනතාවගේ මුදල්. ඒ නිසා ආපදාවකදී ප්‍රයෝජනයට ගන්න යම් මුදලක් තියාගෙන ඉතිරි මුදල් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන්න.මොකද ජනතාවගෙ මුදල් පෙරළා ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්ම වැය කරන්න ඕන බව අමාත්‍යවරයා කියා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්,ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ,බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න,හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහත්වරුන්,ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්ම මහත්මීන් ද පොලිස් නිළධාරීන්,රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.