• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දියුණු රටවල් වයස්ගත පුරවැසියන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කලත් ශ්‍රී ලංකාව ඒ අයට ඉහළ අවධානයක් යොමු කළා -සෞඛ්‍ය ඇමති

14 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ ලොව ඇතැම් දියුූණු රටවල වයස්ගත පුරවැසියන් සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන විට මෙරට එවැනි වයස්ගත පුරවැසියන් සඳහා ඉහළ අවධානයක් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇතැම් රටවල් ක්‍රියාත්මක කළ එවැනි වැඩපිළිවෙලවල් හේතුවෙන් එම රටවල අවුරුදු 60 ඉක්ම වූ පිරිස්හි මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවත්, අප රට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල හේතුවෙන් මෙරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගත හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේදීය.

මෙරට ක්‍රියාත්මක කළ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල රටෙහි කොවිඩ් පාලනයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාදුන් බවද එමගින් රෝහල්හි අනවශ්‍ය තදබදය වැළකී රෝගීන් අපහසුතාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා කීය. ගෘහස්ථ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගෙන් 1.4% පමණ අවම පිරිසක් පමණක් රෝහල් කරා යොමු කළ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ වන විට කොවිඩ් පාලනයේ සාර්ථක අදියරකට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයිද ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තරික වශයෙන් බොහෝ සහයෝගයක් ලැබුණු බවද හෙතෙම පැවසිය.

කොවිඩ් පාලනය කෙරෙන අතරතුර රෝගීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යද වඩාත් ඉහළ නැංවීමට හැකිවූ බවත් ඒ් සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සැමගේ කැප කිරීම අගය කරන බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීය.

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වූ කොවිඩ් වසංගතය තුළ කුඩා ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම ප්‍රබල යැයිද ඒ හැර අනෙකුත් බලපෑම් වලට සාර්ථකව මුහුණ දීමට රටට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා කීය.

මෙහිදී අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා,

ඉතා ඉහළ සංවිධානයකින් මෙන්ම කළමණාකරණයකින් යුතුව ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය මේ වන විට සිදු කර ඇතැයිද එම සාර්ථකත්වයට ප්‍රසාදය හිමි වන බවද පැවසීය. එමෙන්ම එන්නත්කරණයේ සාර්ථකත්වය මේ වන විට ශ්‍රී ලංකාව ඔප්පු කර ඇතැයිද ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර ඇතැයිද ස්කූග් මහතා කීය.

සාර්ථක කොවිඩ් පාලනය සේම ඉදිරියේදී මෙරට දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් පිළබඳව තවදුරටත් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇතැයිද යුනිසෙෆ් නියෝජිතවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , යුනිසෙෆ් සංවිධානයේ මෙරට කාර්යාලයේ සෞඛ්‍ය, පෝෂණ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ධම්මිකා රොවෙල් යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

Post Views: 7
Previous Post

දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් කඩිනම් සංවර්ධනයට

Next Post

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන “හායි ජැපෑන්” වෙළඳ ප්‍රදර්ශනය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන “හායි ජැපෑන්” වෙළඳ ප්‍රදර්ශනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved