• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි

25 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට රැකියාව කිරීමට සුදුසුම රැකියා ස්ථාන දහයෙන් එකක් ලෙස ඇගයීමට ලක් වී තිබේ.

ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA Sri Lanka) සහ Satynmag.com එක්වී ප්‍රථම වරට සංවිධානය කළ 2021 ‘Women Friendly Workplace Awards’ (WFWP Awards) සම්මාන උළෙලේදී DFCC බැංකුව වෙත මෙම ඇගයුම හිමි විය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහතික කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම යනු DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායේ අනිවාර්ය අංග දෙකකි. සාධාරණ, විනිවිදභාවයෙන් යුත්, අපක්ෂපාතී සහ සියලු දෙනාම ඇතුළත් වන රැකියා විධිවිධාන ආයතනය තුළ ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව සෑම විටම කටයුතු කරයි.

WFWP සම්මාන උළෙල ආරම්භ කරන ලද්දේ, රැකියා ස්ථානයන් තුළ කාන්තාවන් දිරිගැන්වීම හා සවිබලගැන්වීම සිදුකරන සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමේ අරමුණිනි. මෙමගින් ශ්‍රී ලංකාවේ රැකියා ස්ථාන තුළ කාන්තාවන්ගේ භූමිකාවේ වැදගත්කම අවධාරණය කරනු ලබන අතර, එය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 5 වැනි ඉලක්කය වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සමගාමී පියවරක්ද වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව රැකියා ස්ථානයන් තුළ සියලුම සේවක සේවිකාවන්ට සමාන අවස්ථාවන් සලසා දීමේ වැදගත්කම මෙමගින් පෙන්වා දෙනු ලබයි. බැංකු හා මූල්‍ය ආයතන ඇතුළුව සමාගම් හා ආයතන රැසක් මෙම සම්මාන වැඩසටහනට එක්වූ අතර, එය දේශීය ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම සහ ඔවුන් දිගින් දිගටම ශ්‍රම බලකාය තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රවණතාවක් විය.

ව්‍යාපාරික ලොවේ ප්‍රමුඛයෙකු වන රවී අබේසූරිය, CIMA UK හි දකුණු ආසියානු කවුන්සිලයේ සාමාජිකා මනෝහාරී අබේසේකර, සුවසැරිය සභාපති දුමින්ද්‍ර රත්නායක, කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් අංශයේ ප්‍රධානී මහාචාර්ය අරෝෂා අදිකාරම්, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, CIMA මෙරට කළමනාකාරිනී සහරා අන්සාරි, සහ Satynmag.com නිර්මාතෘ/සංස්කාරිකා නයෝමිනී ආර්. වීරසූරිය යන මහත්ම මහත්මීහු මෙම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළහ.

“කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වීමට ලැබීම DFCC බැංකුව ලැබූ විශාල ගෞරවයක්. කාටත් සමාන අවස්ථා ලබාදෙන සේවායෝජකයෙකු වශයෙන් ඒ සම්බන්ධ විශිෂ්ටතම ක්‍රමවේදයන් ක්‍රියාවට නංවමින්, ආයතනය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමට ගත් අඛණ්ඩ හා පුළුල් උත්සාහයන් නිසා අපට මේ ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකි වුණා.
සියලු දෙනා වෙනුවෙන් සමාජ හා ආර්ථික වටිනාකම් නිර්මාණය කරමින්, සමානාත්මතාවෙන් පිරිපුන්, අභියෝග ජයගත හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප යන ගමනට මෙම සම්මානය මහත් දිරියක් හා ශක්තියක් වේවි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසී ය.

පිටපත – PR

Post Views: 4
Previous Post

ආණ්ඩුව අද අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධානතම හේතුව මහින්දානන්දයි – හිටපු ජනපති මෛත්‍රිපාල

Next Post

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරනවා – සහකාර මහ ලේකම්

editor

editor

Next Post

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරනවා - සහකාර මහ ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

12 March 2026
මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින්  පසු ඊශ්‍රායලය ලෙබනනයට  යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊශ්‍රායලය ලෙබනනයට යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

12 March 2026
අන්තරායදායක ඖෂධ පාලන නව පනත්  කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

අන්තරායදායක ඖෂධ පාලන නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

12 March 2026
ත්‍රිකුණාමලයේ මිරිදිය ධීවරයින්ගේ  ජීවනෝපාය නගාසිටුවීමට  රුපියල් මිලියන 70ක උපකරණ

ත්‍රිකුණාමලයේ මිරිදිය ධීවරයින්ගේ ජීවනෝපාය නගාසිටුවීමට රුපියල් මිලියන 70ක උපකරණ

12 March 2026

Recent News

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

12 March 2026
දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

12 March 2026
මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින්  පසු ඊශ්‍රායලය ලෙබනනයට  යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊශ්‍රායලය ලෙබනනයට යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

12 March 2026
අන්තරායදායක ඖෂධ පාලන නව පනත්  කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

අන්තරායදායක ඖෂධ පාලන නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

12 March 2026
දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved