• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව 2023 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි

8 December 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව මෙරට කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී බැංකු සේවා විසඳුමක් වන ‘DFCC ආලෝකා’, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2023 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ Diamond Sponsor ලෙස කටයුතු කරයි.

හුදෙක් බැංකු සේවාවන් සැපයීමෙන් නොනැවතී, කාන්තාවන්ට පහසුවෙන් භාවිතා කළ හැකි මූල්‍ය හා මූල්‍ය නොවන සේවාවන් පිරිනැමීම තුළින් ඔවුන් සවිබල ගැන්වීම DFCC ආලෝක විසඳුමෙහි මූලික අරමුණ වී ඇත. ව්‍යවසායිකාවන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරමින්, ඔවුන් වෙනුවෙන්ම සැලසුම් කළ බැංකු සේවා විසඳුම් පිරිනමන DFCC ආලෝකා, කාන්තාවන් මූල්‍ය ස්වාධීනත්වය හා සමෘද්ධිය කරා යන ගමනේදී ඔවුන්ගේ විශ්වාසනීය සහකරු ලෙස කටයුතු කරයි.

ව්‍යවසායිකාවන් ආර්ථිකය තුළ ඉටුකරන මහඟු මෙහෙවර හඳුනා ගනිමින්, ඔවුන්ගේ යහපත උදාකර දීම සඳහා DFCC බැංකුව කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) සමග සමීපව කටයුතු කරමින් සිටී. සිය තිරසාරත්ව ක්‍රමෝපායට අනුකූලව සහ, තිරසාර වෙනස්කම් ඇතිකිරීම සඳහා සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම ඔස්සේ DFCC බැංකුව මේ ආකාරයට WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලට අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇත. මීට අමතරව කාන්තාවන් සවිබල ගැන්වීම තම කේන්ද්‍රීය අරමුණ කරගත් තවත් වාණිජ මණ්ඩල, සංවිධාන, මූල්‍ය සහ මූල්‍ය නොවන ආයතන, රාජ්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ. මෙම හවුල්කාරීත්වයන්, DFCC බැංකුවේ තිරසාරත්ව වැඩසටහන් සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීමට උපකාරී වී ඇත.

WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2024 වර්ෂයේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ හා සාක් කලාපයේ ව්‍යවසායිකාවන්ගේ විශිෂ්ට ජයග්‍රහණයන් ඇගයීමට ලක්වනු ඇත.

“මෙම අනුග්‍රාහකත්වය, මූල්‍ය අන්තර්කරණය සහ කාන්තාවන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා අප දක්වන කැපවීමට මනා සාක්ෂියක්. ව්‍යවසායිකාවන්ගේ ජයග්‍රහණ සහ ඔවුන් සමාජයේ යහපතට ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්කරන මෙම සම්මාන උළෙලට අනුග්‍රාහකත්වය ලබාදීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ඉදිරියටත් කාන්තාවන්ට වඩාත් පහසුවෙන් තම අරමුණු හා ඉලක්ක කරා යමින් දියුණුව ළඟාකරගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට කැපවීම අපගේ බලාපොරොත්තුවයි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

වයස අවුරුදු 18 ට වැඩි, සියලුම ආදායම් කාණ්ඩවලට අයත් කාන්තාවන්ට DFCC ආලෝකා යටතේ පිරිනමන සේවාවන් ලබාගත හැකි වේ. ශිෂ්‍යාවන්, රැකියාවන්හි නියුතු කාන්තාවන්, ව්‍යවසායිකාවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවන් ඇතුළු සියලුම කාණ්ඩවලට අයත් කාන්තාවන්ට DFCC ආලෝකා සේවාවන් ලබාගත හැක.

මූල්‍යමය සහය ලබාදීමට අමතරව DFCC බැංකුව, කාන්තාවන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරමින්, ඔවුන්ට දැනුවත් ලෙස මූල්‍යමය තීරණවලට එළඹීමට අවස්ථාව සලසා දීමේ වැඩසටහන්වලට සක්‍රීයව දායක වෙයි. දැනුම යනු සවිබල ගැන්වීමේ මෙහෙවර තුළ අත්‍යවශ්‍ය සාධකයක් බව හඳුනාගෙන, කාන්තාවන්ට තම මූල්‍ය කටයුතු තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරමින් තම අරමුණු ළඟා කරගැනීමට අත්වැලක් වීමට DFCC ආලෝකා කැප වී සිටී.

“DFCC ආලෝකා 2023 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ Diamond Sponsor ලෙස කටයුතු කිරීම අපට මහත් සතුටක්. කාන්තාවන් සවිබලගැන්වීමේ සම්බන්ධයෙන් ඔවුන් සතු අරමුණු, අපගේ අරමුණු සමග මැනැවින් සමපාත වනවා. විශිෂ්ට ව්‍යවසායිකාවන් ඇගයීම සඳහා ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය අතිශයින් සාර්ථක වනු ඇති බවට සැකයක් නැහැ.” කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයේ සභාපතිනි අනෝජි ද සිල්වා මහත්මිය පැවසුවා ය.

මෙම සම්මාන උළෙල සාර්ථක කරගැනීම සඳහා ලබාදෙන සහයෝගය වෙනුවෙන්, DFCC ආලෝකා සහ 2023 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සෙසු අනුග්‍රාහකයන් සියලුම දෙනා වෙත තම කෘතඥතාව පළකර සිටී. කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය, Doc990, වෙනත් කලාපවල කාන්තා වාණිජ මණ්ඩල, සාක් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය සහ සිද්ධාලේප සමූහ ව්‍යාපාරය මෙලෙස මෙම සම්මාන උළෙලට අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාවේ සහ සාක් කලාපයේ කාන්තාවන්ට සහ ඔවුන්ගේ මූල්‍යමය කටයුතුවලට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාමූහික ප්‍රයත්නයන් මහෝපකාරී වී තිබේ.

 

PR

 

 

Post Views: 1
Previous Post

ලන්දේසි යුගයට අයත් අස්ථි කොටස් මාතරින් හමුවෙයි

Next Post

Mahindra IDEAL Finance නවතම ශාඛාව පිළියන්දලදී විවෘත වේ

editor

editor

Next Post

Mahindra IDEAL Finance නවතම ශාඛාව පිළියන්දලදී විවෘත වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved