• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

DFCC බැංකුව CPM Best Management Practices Company Awards 2024 හිදී සම්මාන තුනකින් පිදුම් ලබයි

5 April 2024
in පුවත්, ව්‍යාපාර
DFCC බැංකුව CPM Best Management Practices Company Awards 2024 හිදී සම්මාන තුනකින් පිදුම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව පසුගියදා පැවති CPM Best Management Practices Company Awards 2024 හිදී සමස්ත ජයග්‍රාහක කාණ්ඩයේ රන් සම්මානය ඇතුළුව සම්මාන තුනක් දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ප්‍රධාන රන් සම්මානයට අමතරව පෞද්ගලික බැංකු කාණ්ඩයේ ජයග්‍රහණය සහ විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදය කාණ්ඩයේ විශිෂ්ටත්ව සම්මානයක් DFCC බැංකුව වෙත හිමි විය.
තම ක්‍රමෝපායික තිරසාර රාමුවට සමගාමීව දිවයින පුරා ශාඛාවල කඩදාසි භාවිතය අවම කිරීමේ වැඩසටහන් දියත් කිරීම, මෙම සම්මාන හිමි වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් විය. DFCC බැංකුව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසංග උඩුවෙල, උප සභාපති සහ අලෙවි හා තිරසාරත්ව ප්‍රධානී නිල්මිණි ගුණරත්න සහ උප සභාපති (තිරසාරත්ව) නලින් කරුණාතිලක යන මහත්ම මහත්මීහු විසින් මෙමෙ සම්මාන පිළිගන්නා ලදි.

2030 වසර වනවිට කාබන්-උදාසීන බැංකුවක් බවට පත්වීම යන ප්‍රධාන අරමුණ පෙරදැරිව යහපත් පාරිසරික හා සමාජයීය පරිවර්තනයන් සිදුකිරීම සඳහා DFCC බැංකුව ගන්නා උත්සාහය කෙතරම් සාර්ථක වී තිබේද යන්නට මෙම සම්මාන සාක්ෂි දරයි. විශේෂයෙන්ම තම මෙහෙයුම් කටයුතුවලදී කඩදාසි භාවිතය අවම කිරීම සඳහා බැංකුව දැඩි අවධානයක් යොමුකර තිබේ. 2024 වසරේදී අභ්‍යන්තර වශයෙන් කඩදාසි භාවිතය 100% කින් අවම කරගැනීමටත්, 2025 වසර වනවිට බාහිර මෙහෙයුම්වල කඩදාසි භාවිතය 50% කින් අඩුකර ගැනීමටත් බැංකුව බලාපොරොත්තු වෙයි.

“දස අවුරුදු සැලසුමක්ද සමගින් නිල වශයෙන් තිරසාරත්ව ක්‍රමෝපායක් සහ වැඩ රාමුවක් ප්‍රකාශයට පත්කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව DFCC බැංකුවයි. එමෙන්ම අප මෙරට Green Climate Fund (GFC) සහතිකකරණය ලැබූ ප්‍රථම බැංකුවද වනවා. ජනතාව, පෘථිවිය සහ ලාභය යන අංශ තුන කෙරෙහි අපගේ අවධානය රඳවාගනිමින් දීර්ඝකාලීන වශයෙන් තිරසාරත්වය හා ලාභදායීත්වය වර්ධනය කරගැනීම අපගේ අරමුණයි. අපගේ ප්‍රයත්නයන් මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක් සහ ගෞරවයක්. ඒ වෙනුවෙන් CPM ආයතනයට අපගේ හදපිරි ස්තූතිය පිරිනමන අතරම, තිරසාර බැංකුකරණය සහ සංවර්ධනය උදෙසා අපගේ කැපවීම නැවත වරක් අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.” DFCC බැංකුවේ උප සභාපති සහ අලෙවි හා තිරසාරත්ව ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කාර්ය බලකායක් පිහිටුවමින් DFCC බැංකුව දරමින් සිටින උත්සාහය මෙම සම්මාන උළෙලේදී විශේෂයෙන් අවධානයට යොමු විය. මෙම ප්‍රයත්නයන් යටතේ ව්‍යාපාර ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, අභ්‍යන්තර වශයෙන් කඩදාසි භාවිතයෙන් තොරව සහතිකකරණයන් සිදුකිරීම, ‘Google Drive’ ක්ලවුඩ් විසඳුම් සහ ක්‍රියාවලි භාවිතා කිරීම, විද්‍යුත් ගිණුම් ප්‍රකාශ සහ හරිත නාලිකා භාවිතය, අලෙවිකරණය සඳහා විද්‍යුත් ප්‍රචාරණ මෙවලම් භාවිතා කිරීම සහ විද්‍යුත් ගෙවීම් පත්‍රිකා භාවිතා කිරීම ආදිය සිදුකරනු ලබන අතර, සම්මාන හිමි වූ කාණ්ඩ තුනේදීම මෙම කරුණු සැලකිල්ලට ගන්නා ලදි.

මෙම උත්සාහයන් යටතේ බැංකුව පරිපූර්ණ අභ්‍යන්තර කඩදාසි රහිත සහතිකකරණ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර, බැංකුවේ සියලුම අංශවල කඩදාසි භාවිතය 85% කින් අඩු කිරීම එහි මූලික අරමුණ වී ඇත. එමෙන්ම ගිණුමක් විවෘත කිරීමේදී ඩිජිටල් ක්‍රමයට එය සිදුකිරීමට පහසුකම් සලසා දී ඇති අතර, ඩිජිටල් අත්සන් ක්‍රමවේදය භාවිතා කිරීම කඩදාසි භාවිතය තවදුරටත් අඩු කිරීමට හේතුවක් වී ඇත.

පරිසර හිතකාමී සේවාවන් ප්‍රවර්ධනය කරන අතරම බැංකුකරණ අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයද මෙහිදී ඇගයීමට ලක්විය. උදාහරණයක් ලෙස බැංකුව මේ වනවිට විද්‍යුත් පාස්පොත් සහ විද්‍යුත් ගිණුම් ප්‍රකාශ ක්‍රම භාවිතා කරන අතර, විද්‍යුත් ගිණුම් ප්‍රකාශ දැනටමත් ප්‍රධාන ගිණුම් ප්‍රකාශ ක්‍රමවේදය බවට පත් කර තිබේ. EKYC ක්‍රමවේදය භාවිතයෙන් විද්‍යුත් ක්‍රමයට ගිණුම් විවෘත කිරීමට අවස්ථාව සලසා දීමද කඩදාසි භාවිතය සැලකිය යුතු මට්ටමකට අවම කිරීමට උපකාරී වී ඇත. DFCC Virtual Wallet, DFCC අන්තර්ජාල බැංකුකරණ පහසුකම, Metaverse හි ඇති Virtual බැංකු ශාඛාවක් වන DFCC Galaxy යනාදිය මෙම ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී තිබේ.

එමෙන්ම අත්‍යවශ්‍ය නොවන ලේඛන මුද්‍රණය කිරීම වැළැක්වීමේ අරමුණින් මේ වනවිට මුද්‍රණ සහ පිටපත් යන්ත්‍ර සඳහා විශේෂ මෘදුකාංග හඳුන්වා දී ඇත. මෙය කාර්ය මණ්ඩලයේ චර්යාවන් වෙනස් කිරීමටද උපකාරී වී තිබේ. මේ වනවිට ඇතැම් ලේඛන මුද්‍රණය කිරීම මුළුමනින්ම නවතා ඇති අතර, මෘදු පිටපත් ක්ලවුඩ් ගබඩා මත සුරකින ලෙස බැංකුවේ විවිධ අංශ සහ ශාඛාවලට උපදෙස් ලබා දී ඇත. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරණ කමිටුව වෙත විද්‍යුත් ක්‍රමයට ලිපිලේඛන ඉදිරිපත් කිරීමද මේ වනවිට සම්මත ක්‍රමවේදයක් වී තිබේ. මේ සියල්ල DFCC බැංකුවේ තිරසාර අරමුණු ළඟා කරගැනීම සඳහා යහපත් දායකත්වයක් ලබාදෙයි.

මෙවැනි ක්‍රියාමාර්ග මගින් ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සහ කාර්යක්ෂම සේවාවක් හිමිවන අතර, බැංකුවේ ව්‍යාපාර කටයුතුවල වර්ධනයටද එය හේතු වේ. එමගින් තරගකාරීත්වය තුළ බැංකුවට වැඩි වාසි හිමිවන අතර, පරිසර හිතකාමී සන්නාමයක් ලෙස DFCC සන්නාමයට ඇති පිළිගැනීම තවදුරටත් තහවුරු කරයි. එමෙන්ම මෙය කාර්ය මණ්ඩලයේ තෘප්තිය ඉහළ නංවමින්, ඔවුන්ගේ ඵලදායීතාව සහ යහපැවැත්ම නංවාලන ප්‍රයත්නයක් බවටද පත් වී තිබේ. එක් අතකින් පරිසර හිතකාමී හා තිරසාර ව්‍යාපාර දිරිමත් කරන අතරම අනෙක් අතින් කඩදාසි ආනයනය අවම කිරීමට දායක වීම මගින් DFCC බැංකුව රටේ ආර්ථිකයටද යහපත් බලපෑමක් ඇතිකරයි. මේ සියල්ල කඩදාසි භාවිතයෙන් තොර අනාගතයක් කරා යන ගමනේදී විශිෂ්ට ප්‍රතිඵල සහ ප්‍රතිලාභ රාශියක් ලබාදෙනු නිසැක ය.

PR

Post Views: 6,615
Previous Post

ලොවම සෞදි අරාබිය දෙසට යොමු කළ ලෝක නායක “මුහම්මද් බින් සල්මාන්”

Next Post

රටේ ජාතිවාදය පරාජය කර, ජාතික සමඟිය ඇති කල යුතුයි – ජාතික ජන බලවේගයේ නායක අනුර

editor ttvnews

editor ttvnews

Next Post
රටේ ජාතිවාදය පරාජය කර, ජාතික සමඟිය ඇති කල යුතුයි – ජාතික ජන බලවේගයේ නායක අනුර

රටේ ජාතිවාදය පරාජය කර, ජාතික සමඟිය ඇති කල යුතුයි - ජාතික ජන බලවේගයේ නායක අනුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved