• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC Galaxy සමගින් Metaverse තුළ ශාඛාවක් විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත්වෙයි

8 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව පසුගියදා DFCC Galaxy දියත් කරමින්, Metaverse තුළ Virtual ශාඛාවක් විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත් විය.

මෙය ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ තවත් පෙරළිකාරී හා පුරෝගාමී පියවරක් වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට තම බැංකු සේවා අවශ්‍යතා සපුරාගැනීම සඳහා නවතම අත්දැකීමක් සහ ක්‍රමවේදයක් හිමි වේ.

DFCC Galaxy මගින් ගනුදෙනුකරුවන්ට Virtual ශාඛාවක අත්දැකීම විඳගන්නා අතරම, වෙනත් පරිශීලකයන් සමග සම්බන්ධ වීමට සහ විවිධ ක්‍රීඩාවන්හි නිරත වීමට මෙන්ම සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමිකර ගැනීමටද අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙමගින් ඔවුන්ට පැය 24 පුරා ක්‍රියාත්මක චැට්බොට් සේවාවක් සමග සම්බන්ධ වීමටත්, සජීවී පාරිභෝගික සහය සේවාව භාවිතා කිරීමටත් හැකියාව ලැබේ. ඕනෑම ස්ථානයක සිට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම Virtual ශාඛාව ශ්‍රී ලාංකිකයන්ට නැවුම් අත්දැකීමක් වනු නො-අනුමාන ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසුවේ, DFCC Galaxy දියත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි. “මෙය අපට මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු ක්ෂේත්‍රයටම වැදගත් වන සුවිශේෂී සන්ධිස්ථානයක්. නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා ආකර්ෂණීය ලෙස බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමට අප දක්වන උත්සාහය මෙමගින් මනාව පැහැදිලි වනවා. ඩිජිටල් නවෝත්පාදනය සහ එහි භාවිතය යනු DFCC බැංකුවේ අවධානය යොමු වන ප්‍රධානතම අංශ දෙකක්. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ පරිසර සංවර්ධන මූල්‍යකරණය සම්බන්ධ ප්‍රමුඛයා බවට පත්වීම සඳහා DFCC බැංකුව සකස් කර ඇති සැලසුම් තුළ මේ බව පැහැදිලිව දක්වා තිබෙනවා. අභියෝගවලට මුහුණ දිය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම පරිසර දූෂණය අවම කිරීම සඳහා, Virtual බැංකුකරණය සහ ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීම අත්‍යවශ්‍යයි. ඒ ගමනේ පුරෝගාමියෙකු වීමට හැකි වීම අපට ආඩම්බරයක්.” තිමල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසී ය.

පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් වන DFCC බැංකුව මේ ආකාරයට Metaverse තුළ Virtual ශාඛාවක් විවෘත කිරීමට කටයුතු කළේ, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් අනුව ඔවුන්ට වඩාත් හොඳ අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණිනි.


මින් ඉදිරියට DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාට, DFCC බැංකුවේ මූල්‍ය සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට මෙන්ම ගිණුම් විවෘත කිරීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයදුම් කිරීම වැනි කටයුතු සඳහා සහය ලබාගැනීමට DFCC Galaxy භාවිතා කළ හැකි වේ. ඕනෑම කෙනෙකුට දැන් https://galaxy.dfcc.lk/ හරහා DFCC Galaxy වෙත පිවිසී ශ්‍රී ලංකාවේ ප්‍රථම Metaverse බැංකුකරණ අත්දැකීම විඳගත හැක.

පාරිභෝගික-කේන්ද්‍රීයත්වය, තිරසාර සංවර්ධන කටයුතු සඳහා මූල්‍යකරණය සහ සමාජයේ ප්‍රගතිය යන සාධක මගින් මෙහෙයවනු ලබන DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා අවකාශය තුළ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන් වඩාත්ම පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින බැංකුවකි. AI තාක්ෂණය භාවිතා කරමින් ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ ලබාදෙන සුවිශේෂී පාරිභෝගික සහය සේවාව, DFCC Video Chatz සහ ඩිජිටල් බැංකුකරණ යෙදවුම්, මූල්‍ය හා ජීවන රටා අවශ්‍යතාවන් සපුරාලන DFCC Virtual Wallet, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහ අනෙකුත් ව්‍යාපාරවලට අවශ්‍ය මුදල් කළමනාකරණ විසඳුම් ලබාදෙන DFCC iConnect ඇතුළු පුරෝගාමී සේවාවන් රාශියක් DFCC බැංකුව මේ වනවිට හඳුන්වා දී ඇත. එමෙන්ම ඩිජිටල් බැංකුකරණ සේවාවන් හරහා ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමටද DFCC බැංකුව කැප වී සිටී. DFCC Galaxy යනු මෙම මෙහෙවරෙහි තවත් වැදගත් ඉදිරි පියවරකි.

 

 

පිටපත – PR 

Post Views: 5
Previous Post

අලුත් සන්ධානයේ වැඩ පැත්තකට දමා ලාන්සා විදේශ ගත වෙයි

Next Post

සහස්පුර , තුරුඉතුරුගම නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹේ

editor

editor

Next Post

සහස්පුර , තුරුඉතුරුගම නිවාස ව්‍යාපෘතියේ නිවාසලාභීන් සදහා හිමිකම් ඔප්පු ලබා දීම ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved