• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC “Visit Kandy 2022” ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කරයි

28 September 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව, පසුගියදා Kandy City Centre විසින් සංවිධානය කරන ලද “Visit Kandy 2022” වැඩසටහනේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය.

මෙම වැඩසටහන 2022 අගෝස්තු 10 සිට 13 දක්වා පැවැත්විණි.

වෙළඳ කුටි, ආයතනික ප්‍රවර්ධන වැඩසටහන්, ආහාරපාන අලෙවි කුටි, දරුවන් සඳහා විනෝද ක්‍රියාකාරකම් සහ සංස්කෘතික ඉසව් වැනි බොහෝ දේ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබිණි. මෙහිදී තම විසඳුම් හා සේවාවන් එකතුව විශාල පිරිසක් වෙත හඳුන්වා දීමට DFCC බැංකුවට අවස්ථාව හිමි විය.

DFCC බැංකුවේ ප්‍රාදේශීය ශාඛා වල කාර්ය මණ්ඩලයන් විසින්, එම බැංකුවේ සේවාවන් පිළිබඳව මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීම සිදුකරන ලදි. DFCC බැංකුවේ උප සභාපති/ Pinnacle සහ Branch Banking Planning & Implementation ප්‍රධානී ශේරා හසන් මහත්මිය, එම බැංකුවේ උප සභාපති ටෙරන්ස් ඇතුගල සහ ප්‍රාදේශීය කළමනාකරු ඇතුළුව එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. බැංකුවේ තිරසාරත්ව ඉලක්ක අතර එක් ප්‍රධානතම ඉලක්කයක් වන කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමට සමගාමීව, DFCC ආලෝකා ව්‍යවසයිකාවන් දිරිගැන්වීමටද මෙහිදී කටයුතු කරන ලදි.

“මේ සුවිශේෂී ඉසව්වට සහභාගී වීමට හැකිවීම මට මහත් සතුටක්. මෙහි පැතිරී තිබුණු සතුට සහ ජවය අපට සිතාගන්නට බැරි තරම්. අපගේ ව්‍යවසායිකාවන්ට තම නිෂ්පාදන, සේවාවන් හා හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම, ඔවුන්ට තම ඉලක්ක ළඟා කරගැනීමට උපකාරී වන ‘DFCC ආලෝකා’ ගිණුම සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අප හදවතින්ම සතුටු වනවා.” ශේරා හසන් මහත්මිය පැවසුවා ය.

Women’s Finance Initiative (We-Fi) යටතේ DFCC ආලෝකා ගිණුම හරහා මෙරට ව්‍යවසයිකාවන් හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන වෙතින් ලැබුණු ප්‍රතිපාදන බෙදාහැරීමට DFCC බැංකුව කටයුතු කර තිබේ. 2021 වසරේදී අදාළ අරමුදල් ප්‍රමාණය මෙන්ම We-Fi වැඩසටහනේ තවත් ප්‍රදානයන්ද භාවිතා කරමින් DFCC බැංකුව විසින් ව්‍යවසායිකාවන් 10 දෙනෙකුට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා අවස්ථාවන් උදාකර දෙන ලදි. 2022 වසරේදීද මෙම මෙහෙවර වෙනුවෙන් බැංකුව දැනටමත් විශාල මුදල් ප්‍රමාණයක් යොදවා ඇති අතර, ඉතිරි අරමුදල් ප්‍රමාණයෙන් තවත් ව්‍යවසායිකාවන් පිරිසකට අත්වැලක් සැපයීම සඳහා මේ වනවිට පියවර ගනිමින් සිටී. මෙය ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීමට මෙන්ම රටේ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල දියුණුව සැලසීමටද මහෝපකාරී වනු ඇත.

DFCC ආලෝකා යනු ශ්‍රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී ගිණුමකි. DFCC ආලෝකා ගිණුම යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වූ ප්‍රතිලාභ පිරිනමන, සන්නාමය සඳහන් ක්‍රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්‍ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්‍රතිලාභ රාශියක් හිමි වේ. රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාත හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්‍ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාත යටතේ උකස් සේවාවන්, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්‍රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ.

රටේ දියුණුවට සුවිශාල කාර්යභාරයක් ඉටුකිරීමට කාන්තාවන්ට හැකියාව ඇති බව DFCC බැංකුව විශ්වාස කරයි. එම නිසා DFCC ආලෝකා ගිණුම ඇතුළුව විවිධ ක්‍රමවේදයන් ඔස්සේ, ඔවුන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය හා මූල්‍යමය නොවන සහයෝගය ලබාදීම සඳහා DFCC බැංකුව සෑම විටම කැප වී සිටී.

 

පිටපත – PR

Post Views: 7
Previous Post

ඇමරිකා එක්සත් ජනපදයේ ලංකා කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

Next Post

රටක් විදිහට ආර්ථික වශයෙන් ශක්තිමත් වන්න මේ හොඳම අවස්ථාවයි – මන්ත්‍රී සංජිව

editor

editor

Next Post

රටක් විදිහට ආර්ථික වශයෙන් ශක්තිමත් වන්න මේ හොඳම අවස්ථාවයි - මන්ත්‍රී සංජිව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved