ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) හිටපු ප්‍රධානී ක්‍රිස්ටි නෝම් සහ ට්‍රම්ප්ගේ උපදේශක කෝරි ලෙවන්ඩොව්ස්කි අතර පවතින බව කියන පෞද්ගලික සබඳතාවක් සම්බන්ධයෙන් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල අධිකරණ කමිටුව හමුවේ කරුණු අනාවරණය වීමත් සමඟ ඇය දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි. මෙම සිදුවීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇයව ධුරයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් සාමාජිකයින් මේ වන විට ක්‍රිස්ටි නෝම්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.
ඇය සම්බන්ධ වී සිටින ප්‍රධාන චෝදනා අතර කෝරි ලෙවන්ඩොව්ස්කි සමඟ ඇති බව කියන සබඳතාව මෙන්ම ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව හරහා වෙළෙඳ දැන්වීම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වියදම් කිරීම සහ ආගමනික නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් ද ඇතුළත් වේ. කෙසේ වෙතත් මේ දක්වා ඇයට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් නිල වශයෙන් ගොනු කර නොමැති අතර ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩල අධිකරණ කමිටුව විසින් ඒ සඳහා නිසි අනුමැතියක් ලබා දිය යුතු බවත් ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි පවතින්නේ ද යන්න පිළිබඳව මුලින්ම විමර්ශනය කළ යුතු බවත් නීති විශාරදයෝ පවසති.














