ලිංගික ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වසර හතරක සිරදඬුවම් විඳිමින් සිටින සුප්‍රකට ඇමරිකානු රැප් ගායක සහ ව්‍යාපාරික ෂෝන් ‘ඩිඩී’ කොම්බ්ස් (Sean ‘Diddy’ Combs) ගේ සිරදඬුවම් කාලය මාස එකහමාරකින් පමණ කෙටි කර ඇති බව වාර්තා වේ. මීට පෙර ඔහු 2028 ජූනි 04 වන දින නිදහස් කිරීමට නියමිතව තිබුණද, නවතම තීරණය අනුව ඔහු 2028 අප්‍රේල් 25 වන දින නිදහස් වනු ඇත.
දඬුවම ලිහිල් වීමට හේතුව
නිව් ජර්සි හි ෆෝර්ට් ඩික්ස් (Fort Dix) බන්ධනාගාරයේ රඳවා සිටින 56 හැවිරිදි ඩිඩී, පසුගිය නොවැම්බර් මාසයේදී මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසටහනකට (RDAP) ඇතුළත් කර තිබුණි. ඔහු එම වැඩසටහන ඉතා සාර්ථකව සහ ක්‍රියාශීලීව අවසන් කර ඇති බැවින්, බන්ධනාගාර බලධාරීන් විසින් ඔහුගේ දඬුවම් කාලය මෙලෙස කෙටි කර තිබේ. කෙසේ වෙතත්, බන්ධනාගාරය තුළදී නීති විරෝධී ලෙස සකස් කළ මත්පැන් පානය කිරීම සහ තහනම් දුරකථන ඇමතුම් ලබා ගැනීම වැනි චෝදනා මත මීට පෙර ඔහුගේ දඬුවම් කාලය දින කිහිපයකින් දීර්ඝ කර තිබුණි.














