ජාතික ඉන්ධන බලපත්‍රය (QR කේතය) ලබාගැනීමේදී හෝ ලියාපදිංචි වීමේදී ජනතාවට මුහුණ දීමට සිදුවන තාක්ෂණික ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
QR ලියාපදිංචියේ ගැටලු පවතින පුද්ගලයින්ට 076 000 19 19 යන WhatsApp අංකය වෙත සිය තොරතුරු යොමු කිරීමෙන් සහය ලබාගත හැකිය
අදාළ WhatsApp අංකය වෙත වාහන අංකය සමඟ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් ද, වලංගු ආදායම් බලපත්‍රය සහ වාහන ලියාපදිංචි සහතිකයේ ඡායාරූපයක් ද යොමු කළ යුතුය
මෙම සේවාව සඳහා ඉල්ලුම් කළ හැක්කේ වාහනයේ ලියාපදිංචි හිමිකරුට පමණක් වන අතර, ලබාදෙන සියලුම පෞද්ගලික දත්ත 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව සුරක්ෂිතව තබා ගන්නා බව අමාත්‍යාංශය අවධාරණය කරයි
අද පස්වරුවේ සිට නව දුරකථන අංක මඟින් ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදීමත්, හෙට සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙම WhatsApp සේවාව ජනතාවට මහත් පහසුවක් වනු ඇත.














