ටෙක්සාස් හි පිහිටි ‘ඩිලී’ (Dilley) සංක්‍රමණික සැකසුම් මධ්‍යස්ථානය තුළ සිදුවන බව කියන අතවර, රෝග පැතිරීම සහ අමානුෂික තත්ත්වයන් හේතුවෙන් එය වහාම වසා දමන ලෙස ඉල්ලා හොලිවුඩ් තරු, ප්‍රතිපත්ති විශේෂඥයින් සහ විවිධ සංවිධාන එක්ව දැඩි විරෝධතාවක් ආරම්භ කර තිබේ. “කිසිදු දරුවෙකු සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක සිර නොකළ යුතුය” යනුවෙන් සඳහන් කරමින් ඔවුන් විසින් ප්‍රසිද්ධ ලිපියක් ද නිකුත් කර ඇත.
පෞද්ගලික අංශය මඟින් පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය තුළ ළමුන් සහ පවුල් රඳවා තබා ගන්නා අතර, එහි පවතින සෞඛ්යාරක්ෂිත නොවන සහ අගෞරවනීය තත්ත්වයන් පිළිබඳව දිගින් දිගටම වාර්තා පළ විය. විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාසයේදී මිනියාපොලිස් (Minneapolis) වටලෑමේදී අත්අඩංගුවට ගත් පස් හැවිරිදි ලියම් කොනෙජෝ රාමොස් (Liam Conejo Ramos) නමැති දරුවා මෙහි රඳවා තැබීමත් සමඟ මෙම ප්රශ්නය දැඩි ලෙස කතාබහට ලක්විය.
මෙම විවෘත ලිපිය ඩොනල්ඩ් ට්‍රම්ප්, ICE අධ්යක්ෂ ටොඩ් ලියොන්ස් (Todd Lyons) සහ හිටපු ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් (Kristi Noem) වෙත යොමු කර තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ දරුවන් මෙලෙස රඳවා තබා ගැනීම ඔවුන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට බරපතල හානි පමුණුවන බවයි.














