ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන නිෂ්පාදන සමාගමක් වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් (Dipped Products PLC – DPL) සමාගම, මෙරට අපනයන ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වන ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩල (NCE) සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස ප්‍රධානතම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. මෙහිදී එම සමාගම සමස්ත ජයග්‍රාහකයාට හිමි සම්මානයට අමතරව තවත් ප්‍රධාන සම්මාන පහක්ම දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළිත් වරක් ජාත්‍යන්තරයට මෙන්ම මෙරටටද ප්‍රදර්ශනය කර තිබෙනවා.
මෙම ඉහළම ජාතික ගෞරවයට අමතරව රබර් සහ රබර් නිෂ්පාදන අංශයේ අතිවිශාල ගණය යටතේ රන් සම්මානයද ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට හිමි වුණා. මීට අමතරව වැඩිම ශුද්ධ විදේශ විනිමය උපයන්නා, නැඟී එන වෙළෙඳපොළවල් තුළ හොඳම කාර්ය සාධනයක් දැක්වූ අපනයනකරු සහ අපනයන අංශයේ ආබාධිත පුද්ගලයින් ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් පිරිනමන විශේෂ සම්මාන තුනකින්ද එම සමාගම පිදුම් ලැබුවා.
මෙම සම්මානයන් මඟින් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ අඛණ්ඩ අපනයන කාර්ය සාධනය, ශක්තිමත් පාලනය සහ ගෝලීය වෙළෙඳපොළ තුළ ඔවුන් සතු වර්ධනය වන පැවැත්ම මනාව පිළිබිඹු කරනවා. වැඩිම ශුද්ධ විදේශ විනිමය උපයන්නා ලෙස ලැබූ ඇගයීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට එම සමාගම දක්වන සුවිශේෂී දායකත්වය මනාව පැහැදිලි වන අතර, නැඟී එන වෙළෙඳපොළවල් සඳහා වූ සම්මානයෙන් පෙන්නුම් කරන්නේ නව කලාප කරා ව්‍යාප්ත වීමට සහ ජාත්‍යන්තර මට්ටමින් තරඟ කිරීමට සමාගම සතු ඇති සුවිශේෂී හැකියාවයි.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනධීර මහතා ප්‍රකාශ කළේ, ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම සිය 50 වැනි වසර සනිටුහන් කරන මෙවැනි මොහොතක ලැබුණු මෙම ඇගයීම, සමස්ත ආයතනය පුරාම සිටින සේවක පිරිස විසින් ගොඩනඟා පවත්වාගෙන යනු ලබන උසස් ප්‍රමිතීන් මනාව විදහා දක්වන බවයි.
















