• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2030 දක්වා ආපදා කළමනාකරණ සැලැස්මක් – ඇමැති පාලිත

7 June 2018
in සංවර්ධන
2030 දක්වා ආපදා කළමනාකරණ සැලැස්මක් – ඇමැති පාලිත

ආපදා කළමනාකරණය සඳහා අදියර කිහිපයකින් සමන්විත වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නගන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටින්නේ 2030 වසර දක්වා කි‍්‍රයාත්මක වන පරිදි මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇති බවයි. අදාල වැඩපිලිවෙල කි‍්‍රයාත්මක කිරීම සඳහා වූ පළමු අදියර සැලසුම් කිරීමට අදාලය අමාත්‍යංශයේදී පසුගියදා (06) පැවැති සාකච්ඡාවකදී නිලධාරීන් දැනුම්වත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

නායයාම්, ගංවතුර, ගිලා බැසීම් වැනි අනතුරුදායක තත්ත්වයන් කල්වේලා ඇතිව හදුනා ගැනීමත්, එම තත්ත්වයන් පාලනය කිරීමට පියවර ගැනීමත් මෙම වැඩපිළිවෙලේ මූළික අදියරයට ඇතුලත්ය. එමෙන්ම විවිධ අනතුරුදායක තත්ත්වයන් හේතුවෙන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර සිටින හා අවදානම් තත්ත්වයන් හේතුවෙන් ස්වේච්ඡාවෙන්ම සිය පදිංචි ස්ථාන අතහැර දමා සිටින ජනතාව ආරක්‍ෂිත ස්ථාන වල පදිංචි කිරීම සම්බන්ධයෙන්ද මූළික අවදානය යොමු කරන බව අමාත්‍යවරයා පැවසීය.

2030 වසර දක්වා කි‍්‍රයාත්මක ආපදා කළමනාකරණ සැලැස්මේ කොටස් මේ වන විටත් සකස් කරමින් පවතී. කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසන්නේ එම වැඩපිළිවෙලේ මූළික කටයුතු දැන් සිටම ආරම්භ කළ යුතු බවයි. සමස්ථ සැලස්ම සකස් කිරීමෙන් අනතුරුව ගැඹුරු කාරණා පිලිබඳ අවදානය යොමු කළ හැකි බවද දැනට සිදු කළ හැකි කාර්යයන් කල් වේලා නොයවා ආරම්භ කළ යුතු යැයිද ඔහු පැවසීය.

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

නවක වදය අතුගා දැමීමක්

Next Post

බැඳුම්කර සිද්ධිය ගැන කථානායක කරුණු පැහැදිලි කරයි

editor

editor

Next Post

බැඳුම්කර සිද්ධිය ගැන කථානායක කරුණු පැහැදිලි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved