• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා ඩිජිටල්කරණය ගැන සාකච්ඡාවක්

8 October 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා ඩිජිටල්කරණය වැඩිදියුණු කිරීම පිළිබඳ රැස්වීමක් පසුගිය 06 වනදා අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සමසභාපතිත්වයෙන් පැවැත්විණි.

මහජනතාවට කඩිනම් සේවා ලබා දීම සඳහා පහසුකම් සැපයීම පිණිස අමාත්‍යංශයේ කොන්සියුලර් සේවාවල දැනට පවතින ඩිජිටල්කරණ මට්ටම වැඩිදියුණු කිරීමේ හදිසි අවශ්‍යතාව විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මහතා ආරම්භයේදීම අවධාරණය කළේ ය.

රජයේ ඩිජිටල්කරණ ජාතික සැලැස්ම පිළිබඳ විස්තර කළ නාමල් රාජපක්ෂ මහතා, ජෛවමිතික ඇතුළත් ඩිජිටල් ජාතික හැඳුනුම් අංකයක් 2023 වසර වන විට නිකුත් කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළේ ය. මෙම ඩිජිටල් හැඳුනුම් අංකය සෑම පුරවැසියෙකුටම නිශ්චිත වන අතර එය උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වාම අදාළ වන අතර, බැංකුගිණුම, බදු ලිපි ගොනුව, රක්‍ෂණය, විදේශ ගමන් බලපත්‍රය සහ පාසලට ඇතුළත් කිරීම වැනි විවිධ පුරවැසි ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ කෙරෙනු ඇත. එබැවින් ආධාරක ආයතන ද ඩිජිටල්කරණය කර මෙම ක්‍රියාවලියට සමගාමී කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.

ශ්‍රී ලාංකික ජනතාව විශාල ප්‍රමාණයක් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා ලබා ගන්නා හෙයින්, කොන්සියුලර් අංශය විසින් දැනට භාවිතා කරන විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතිය (e-DAS) වහාම වැඩිදියුණු කිරීම හෝ නව පද්ධතියක් හඳුන්වා දීම සඳහා මෙහිදී එකඟත්වය පළ විය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එහි නියෝජිතයින් හරහා විදේශ රැකියා සඳහා පහසුකම් සැලසීමට පොලිස් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව වැනි වෙනත් ආයතන සමඟ කොන්සියුලර් අංශය ඩිජිටල් වශයෙන් ඒකාබද්ධ කිරීම මෙහි අරමුණයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂද සේනානායක මහතා සඳහන් කළේ ගම්බද ප්‍රදේශවලින් සේවා අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බව සැලකිල්ලට ගනිමින්, පුරවැසියෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් මෙම ගැටලුවට පූර්ණ වශයෙන් අවතීර්ණ වී ඒවාට විසඳුම් සෙවිය යුතු බවයි. එබැවින් සේවා ලබා ගැනීම සඳහා සේවා අපේක්ෂයන් පුද්ගලිකව පැමිණීම හැකිතාක් දුරට වැළැක්වීම අත්‍යවශ්‍ය කරුණක්වී ඇත. තනි ගෙවුම් ද්වාරයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ලබන වසරේ දෙවැනි කාර්තුව වන විට මෙම ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම සඳහා මෙහෙයුම් ක්‍රමවේදයක් සකස් කිරීමට අන්තර් නියෝජිත කමිටුවක් පත් කිරීමට තීරණය කෙරිණි.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ද විදේශ අමාත්‍යංශයේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Post Views: 1
Previous Post

Daraz වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන්වලට අරුම පුදුම තෑගි ගොන්නක්

Next Post

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් තරුණයන්ට ඡන්ද අයිතිය – සභානායක දිනේෂ් කියයි

editor

editor

Next Post

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් තරුණයන්ට ඡන්ද අයිතිය - සභානායක දිනේෂ් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved