මහවැලි ගගට කැලිකසල බැහැර කිරීමෙන් ගැටළු රැසක් පැන නැගි ඇති බව දේශීය වනාන්තර සුරකීමේ සංගමයේ සංවිධානයේ සභාපති අතික් නසිර් මහතා පවසයි.
වර්තමානය වන විට කර්මාන්තශාලා, වෙළඳසැල් හා නිවාස වලින් කැලිකසළ බැහැර කිරීම හේතුවෙන් මහවැලි ගඟ දැඩි ලෙස විනාශ වී ගොස් ඇති බවත් මහවැලි ගඟ දිවෙන මහනුවර දිස්ත්‍රික්කයට අයත් කොටසේ එනම් හක්කිඳ දුපත් පාරිසරික ආරක්‍ෂක ප්‍රදේශයේ පටන්, පොල්ගොල්ල වේල්ල පසුකර ලේවැල්ල පාලම දක්වා මහවැලි ගඟ දිවෙන මහවැලි ගංගා කොටසේ මෙලෙස කැලිකසල, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික් බෝතල් හා ප්ලාස්ටික් භාණ්ඩ මෙලෙස මහවැලි ගඟේ සෑම අස්සක් මුල්ලක් නෑරම දක්නට ලැබෙන බවද සභාපතිවරයා පවසයි.
මෙලෙස මහවැලි ගඟට කැලිකසල බැහැර කර ඇති ස්ථාන නම් මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මහ නගර සභාව, ගඟවට කෝරළය, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව, අකුරණ ප්‍රාදේශීය සභාව, පාතදුම්බර ප්‍රාදේශීය සභාව හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව යන පළාත්පාලන ආයතන වලට මායිම් වී ඇත.
මෙකි පළාත් පාලන කොට්ටාශ මායිම්වලට අයත් කර්මාන්තශාලා, වෙළඳ සැල් හා නිවාස මගින් කැලිකසල, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික් හා ප්ලාස්ටික් බෝතල් වැනි නොදිරණ අපද්‍රව්‍ය මහවැලි ගඟට බැහැර කිරීම හේතුවෙන් මහවැලි ගඟේ කැලිකසල පිරි ගොස් දැඩි අර්බුදයක්ව පවතින බවද අතික් නසිර් මහතා පවසයි.
මෙය පොල්ගොල්ල ජලාශය, වික්ටෝරියා ජලාශය, රන්දෙණිගල ජලාශය හා රන්ටැඹේ ජලාශ වලද ගසාගෙන ගොස් තැන්පත් වීම අර්බුදකාරී තත්ත්වයකි.
කැලිකසල ගඟට බැහැර කිරීම යනු දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් එවැනි අයුරින් කැලිකසල බැහැර කරන්නන් සොයා නිතිය ක්‍රියාත්මක නොකිරීම, පළාත්පාලන ආයතන මගින් දෛනිකව කැලිකසල එක්රැස් කලත්, එය විධිමත් අයුරින් එකතු නොකිරීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය පළාත්පාලන ආයතන මගින් කැලිකසල භාර ගැනීමේදී ඒවා භාර නොගැනීම යන කරුණු කාරනා නිසා මෙලෙස කර්මාන්තශාලා, වෙළඳ සැල් හා නිවාස වලින් ඉවත් කරන අපද්‍රව්‍ය කාණු පද්ධතියට, මහාමාර්ග දෙපසට බැහැර කිරීමෙන් අනතුරුව ඒවා වර්ෂා කාලවලදී ගසාවිත් මහවැලි ගඟට එකතු වේ. ඇතැම් පිරිස් එය මහවැලි ගඟට ඍජුවම බැහැර කරයි. එසේම මහවැලි ගඟ ඉවුරු දෙපස ගොඩනැගිලි අපද්‍රව්‍ය හා පස් බැහැර කැර ඇත.
මෙලෙස අප පරිසර සංවිධාන වලින් මෙම ප්‍රදේශයේ සිදුකළ අධ්‍යන වලින් හෙළිකරගෙන ඇත්තේ ගංපතුලේ කැලිකසල, ඉලෙක්ට්‍රොනික අබලි හා යකඩ අපද්‍රව්‍ය තැන්පත් වී තිබීමයි. මෙය ජලපරිභෝජනය කරන ජනතාවට මෙන්ම ජලජ ජීවින් හට දැඩි බලපෑමක් ඇති කරගෙන තිබේ.
මෙම මහවැලි ගඟේ මෙම ස්ථානය මීට වසර 10 කට පෙර සැලකිය යුතු ජෛව විවිධත්වයක් දක්නට ලැබුනත් මෙවැනි අහිතකර අනර්ථකාරී ක්‍රියා හේතුවෙන් අදවන විට ජලජ ජීවීන්ගේ සැලකිය යුතු ජීවීන් ප්‍රමාණයක් දක්නට නොමැති බවද ඒ මහතා පෙන්වා දෙයි.
මේ පිළිබඳව අදාල රාජ්‍ය ආයතන දැනුවත් කර ඇතත් මේ වන තෙක් කිසිඳු පියවරක් ගෙන නොතිබීම කණගාටුදායක තත්ත්වයක් බවත් ගංගා ඇළ දොළ හට කසළ බැහැර කරන අයවළුන් සොයා නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය ඇත. එසේම අදාල පළාත් පාලන ආයතන කසළ එකතු කිරීමේ කාර්ය විදිමත්ව කාර්යක්ෂවම ක්‍රමවත්ව සිදුකළ යුතුව ඇති බවද හෙතෙම සදහන් කරයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න