දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාව යළි පදිංචි කරවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 1,600ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. මෙහි සමාරම්භක පියවරක් ලෙස මාතලේ, යටවත්ත රතලවැව ප්‍රදේශයේ නව නිවසක් සඳහා මුල්ගල තැබීම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදු විය. සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් එල්ල වූ මාතලේ දිස්ත්‍රික්කයේ අවතැන් වූවන් නගාසිටුවීම වෙනුවෙන් රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
















