දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් විශ්වවිද්‍යාල සිසුන් සඳහා විශේෂ එක් වරක් පමණක් ලබාදෙන ශිෂ්‍යාධාර වැඩසටහනක් දියත් කිරීමට ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර භාරකාර අරමුදල තීරණය කර තිබේ. පීඩාවට පත් සිසුන්ට මූල්‍ය සහනයක් සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි. සුදුසුකම් ලත් සිසුන්ට www.mahapola.lk නිල වෙබ් අඩවිය හරහා ඒ සඳහා අයදුම් කළ හැකි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය තහවුරු කරයි.














