දියතලාව බස් නැවතුම්පොළේ රාත්‍රී කාලයේ ගාල් කර තිබූ බස් රථයක් තුළ මුදලට සූදු කෙළිමින් (බූරු ගසමින්) සිටි පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටු වී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ අවට වෙළෙඳසල්වල සේවකයින් සිටින බව පොලිසිය තහවුරු කරයි. දිවා කාලයේ ධාවනය කර රාත්‍රියට නවතා තබන බස් රථයක් තුළ මොවුන් ඉතා සූක්ෂ්ම ලෙස මෙම සූදු පොළ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා දියතලාව පොලිසිය වෙත භාරදී ඇත. මොවුන් ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය














