ආරක්ෂක අමාත්‍යාංශය ස්වාධීන රූපවාහිනී සේවය සමඟ එක්ව සංවිධානය කල ‘දියවන්නා වෙසක් කලාපය 2024’ අද (25) රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
‘බුද්ධ රශ්මි’ජාතික වෙසක් උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද ‘දියවන්නා වෙසක් කලාපය 2024’ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා විසින් පසුගිය බ්‍රහස්පතින්දා (23) වනදා වෙසක් පුන් පොහෝ දින විවෘත කෙරිණ.
ස්වාධීන රූපවාහිනී නාලිකාව හරහා මෙම ‘දියවන්නා වෙසක් කලාපය 2024’ හි සජීවී විකාශනය ද එදිනම ආරම්භ කෙරිණ.
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සහ බත්තරමුල්ල ආරක්ෂක අමාත්‍යාංශය වෙත දිවෙන මාර්ගය ඒකාලෝක කරමින් අලංකාර වෙසක් කූඩු සහ වර්ණවත් ආලෝක සංදර්ශන වලින් දියවන්නා වෙසක් කලාපය සමන්විත වේ.
මෙවර පැවැත්වෙන විචිත්‍රවත් වෙසක් උත්සවයේ අවසන් දිනය අද වන අතර බත්තරමුල්ල දියවන්නා වෙසක් කලාපයට පැමිණ වෙසක් පහන් කූඩු සහ විසිතුරු ආලෝකකරණයේ මනරම් දර්ශන නැරඹීමට මෙන්ම ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලබන වෙසක් බැති ගී ප්‍රසංගයේ ගී පහස විද ගැනීමට පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටී.