ලොව විශාලතම ඩ්‍රෝන නිෂ්පාදන සමාගම වන චීනයේ DJI සමාගම, සිය නව මාදිලි සහ අත්‍යවශ්‍ය උපාංග අමෙරිකාවට ආනයනය කිරීම තහනම් කරමින් එරට ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) ගත් තීරණයට එරෙහිව නඩු පවරා තිබේ. අඟහරුවාදා (24) දින මෙම නඩුව ගොනු කර ඇත්තේ අමෙරිකානු අභියාචනාධිකරණය හමුවේය. මෙම තහනම DJI සමාගමට පමණක් නොව Autel නමැති තවත් චීන ඩ්‍රෝන නිෂ්පාදන සමාගමකට ද බලපාන පරිදි පනවා ඇති අතර, එය අසාධාරණ තීරණයක් බව DJI සමාගම අවධාරණය කරයි.














