‘මතට තිත ජාතික මෙහෙයුම’ යටතේ දොඩංගොඩ පොලීසිය සිදුකළ විශේෂ රථ වාහන පරීක්ෂාවකදී, රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකටයුතු ත්‍රීවීල් රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 225ක ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරමක ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට සැක කෙරෙන අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට පොලීසිය බලාපොරොත්තු වේ. දොඩංගොඩ සහ අවට ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය මෙලෙස අනාවරණය කර ගැනීමට හැකිවීම විශේෂත්වයකි.














