• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අහිංසක අපේ ගෙවල් ගිනිබත් කළාට ඩොලර් වහින්නේ නෑ – මන්ත්‍රී විමලවීර

23 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද රටේ පවතින අර්බුදයන්ට විසදුම් සොයා ගැනීමට උද්ඝෝෂණයන් කිරීම ද, මැති ඇමතිවරුන්ගේ නිවෙස් ගිනිබත් කිරීම ද සුදුසු නොවන අතර එවැනි ක්‍රියාවන්ගෙන් ඩොලර් මෙරටට ගලා ඒමක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, “මේ මොහොත වන කොට නව ඇමති මණ්ඩලයේ ඇමතිවරු ගණනාවක් දිවුරුම් දෙමින් තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපේ ආශිර්වාදය සහ සහයෝගය ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. ඒ නිසා කිසියම් විදිහක අලුත් බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් රටට ඇතිවෙලා තිබෙනවා නම් අපි ඒ අපේක්ෂා සහ බලාපොරොත්තුවට කිසිසේත්ම හානියක්, හිරිහැරයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. අපි බහුතරයට ආවත් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ සහය අපි ඒ ආණ්ඩුවට ලබා දෙන්න තීන්දු කරලා තිබෙනවා. අපිටත් අවශ්‍යයි මේ ප්‍රශ්නය විසඳගන්න. අපිට වැරදි තැන් තිබෙන්න පුළුවන්. ඒවා හරියට දකින්න පුළුවන් අය සිටින්න පුළුවන්. ඒ ක්‍රියාත්මක කරන අයට අපි ඒ අවස්ථාව ලබා දෙනවා. තව තව අය ආවට කමක් නෑ. අනුර කුමාර දිසානායක මැතිතුමත් ඇවිල්ලා මුදල් ඇමතිකම භාර ගත්තට අපි අකමැත්තක් නෑ. දැන් මේ මොහොත වන විට රටේ ව්‍යාකූල තත්වයක් තිබෙනවා කියලා අපි පිළිගන්නවා. පෙට්ට්‍රල්, ඩිසල් ගැනීමට මහ දැවැන්ත පොලිම් තිබුණා. නමුත් ඊයේ වන විට මම හිතනවා මෙට්ට්‍රික්ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තෙල් සංස්ථාව සතුව තිබුණා. නමුත් බෙදාහැරීමේ යම් ගැටලු තිබෙන්න පුළුවන්. පොහොර පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන්. අපි මේ ඔක්කොම පිළිගන්නවා. මේ ඔක්කොම ආපහු නිවැරදි කරගන්න අවශ්‍යයි. එයට ඩොලර් අවශ්‍යයි. නමුත් පාරේ උද්ඝෝෂණය කරාට, ඩිසල් නෑ කියලා සෙඩ් හිමියාගේ ගේ ගිනි තිබ්බට, අහිංසක අපේ ගෙවල් ගිනි තිබ්බට ඩොලර් වහින්නේත් නෑ, නැව් එන්නෙත් නෑ. ඒ නිසා මේ කාල සීමාව තුළ සිදු වුණු බොහෝ දේවල් පිළිබඳව මගේ බරපතල විවේචනයකුත් තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගෙයකට හිමිකමක් නොකියන එකම මන්ත්‍රිවරයා මම වෙන්න පුළුවන්. මම හිටියේ අවුරුදු 75 කට පරණ ගේක පදිංචිය තියාගෙන සිටියේ. දැන් ඒ ගේ ඇවිල්ලා කුඩු කළා. මම කැබිනට් ඇමතිවරයෙක් වෙලා, රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙලා සිටියා‍. හැබැයි මට ගෙයක් හදා ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මගේ අමාත්‍යාංශයේ පියන් ගෙයක් හදා ගන්න ඇති. මට බැරි වුණා. හැබියි මම රැදිලා හිටපු ගෙදර කුඩුපට්ටන් කළා. මට ඒකත් ප්‍රශ්නයක් නෑ. මගේ වැඩිමහල් දරුවාගේ නිවස ද ගිනි තැබුවා. ඒ අය ණය අරන් ඒ ගේ හදා ගත්තේ. දැන් ඒ අය ගොල්ෆේස් ඒකට ගහන්න ආවද. මගේ දරුවාගේ පුංචි දරුවා ගිනි තියද්දි ගෙදර හිටියේ නෑ. ඒ දරුවා දැක්කනම් මේ රට ගැන මොකක්ද හිතන්නේ. මම මොනවත් හොරකම් කරපු මිනිහෙක්ද? මම මදුරුවෙක් මරන්නේ නැති කෙනෙක්. මම මේ රටේ හාමුදුරුවන්ගෙන් අහන්න කැමති, මදුරුවෙක් මරන්නේ නැති , මේ අත් දෙකින් හොරකම් නො කරපු විමලවීර දිසානායක ගෙට ගහපුවාම ඒ සාපරාධි අපරාධකරුවෝ උසාවියේදී බෙල්ලට මල්මාල වැටෙනවා නම් මේ රටේ යුක්තියයි , සාධාරණයයි මොකද වෙන්නේ කියලා ප්‍රශ්න කරන්නේ. ඒ නිසා මේක මහා ඛේදවාචකයක්. මේ ම්ලේච්චත්වය ඉතිහාසයේ 87,88,89 තිබුණු හැටි මම දැක්කා. කොළඹ විශ්විද්‍යාලයේ නීති පිඨය ඇතුළේ 312 ක් සමුල ඝාතනය කළා. අද ඒ ඝාතකයෝ ඔක්කෝම විමුක්තිකාරයෝ වෙලා. ඒ භීෂණයේ අපිට කාටත් සැනසිල්ලක් තිබුණේ නෑ. 71,88,89 මම අවුරුදු 26 ක යුද්ධයක් එක්ක නැගෙනහිර ජිවත් වුණු පුරවැසියෙක්. අපි කාටත් වරදක් කරපු මිනිස්සු නොවේ. එක රුපියලක්වත් හොරකම් නොකරපු මිනිහෙක් මම. මට වාහනයක් නැති මිනිහෙක්. නිදහස් සාධාරණ, යුක්ති ගරුක මිනිහෙක්ට මේ රටේ ජිවත් වෙන්න බැරි නම් කුමකට මේ රට. මගේ ගෙදර අද තිබෙන්නේ සොහොන් පිටිය වගේ. මම හිටපු තැනේදී රස්සාවල් රාශියක් දිලා තිබෙනවා. පාරවල් හදලා දී තිබෙනවා. එහෙම කෙනාටද මේ ගැහුව්වේ. මේ කාරණා ටික සාකච්ඡාවට ගන්නේ නැත්නම්, මේ රට මෙතනින් එහා ගෙනි යන්න බෑ. අධිකරණයත් නිහඩ නම්, පන්සලේ ඝාණ්ඨාරයේ නිහඬ නම්, පල්ලිය නිහඬ නම් වතිකානුව නම් කතා කරන්නේ සිංහල බෞද්ධවාදියෝ කොහේද ඉන්නේ. මම වර්ගවාදියෙක් නොවේ. මම බෞද්ධයෙක්.

1923 අවුරුද්දේ දී ජපානයේ ටොකියෝ විශ්වවිද්‍යාලයේ මහචාර්යවරකේ හිටියා. ඔහුගේ ගෙදර හචිකෝ කියලා පොඩි බලු පැටියෙක් හිටියා. මේ බලු පැටියා හැමදාම මේ මහාචාර්යවරයා දුම්රිය පොළට එනකන් බලාගෙන ඉන්නවා. මහාචාර්යාවරයා මිය ගියා. ඒ බලු පැටියා සුපුරුදු පරිදි අවුරුදු 10 ක් දුම්රිය පොලට ඇවිත් ඔහු එනකන් බලා ඉඳලා දුම්රියපොලේදි හුස්ම හෙලුවා. හචිකෝ වෙනුවෙන් රූපයක් හදලා අද එතන තිබෙනවා. ඒ නිසා හචිකෝ කෙනෙක්වත් මේ රටේ ඉන්නවාද කියලා හිතෙනවා. ඒ නිසා මට මේ මොහොත ඉතාම ඛෙදනීයයි. අපි සංවේදි මිනිස්සු. මාධ්‍යවේදීන් කියන්නේ අපි මුකුත් නොදන්න මිනිස්සු කියලා. එන්න අපි සාහිත්‍යය ගැන , කවිය ගැන, දේශපාලනය ගැන කතා කරන්න. මොනවාද අපිට බැරි කියලා බලන්න. අනුර කුමාර මහතා කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම බුරුවෝ කියලා. තමනුත් එක්කම කියලා තිබෙන්නේ. මම දන්න තරමින් එතුමා කැළණි විශ්වවිවද්‍යාලයේ උපාධිදාරියෙක්. කැළණි විශ්ව විද්‍යාලයෙන් බූරුවෝ බිහි කරාද කියලා මම දන්නේ නෑ. නමුත් මම මේ මොහොතේ ත් විශ්වාස කරන්නේ නෑ අනුර කුමාර මැතිතුමා බූරුවෙක් කියලා. එතුමා යමක් දන්නා අවබෝධයක් තිබෙන කෙනෙක්. හැබැයි එතුමාට අයිතියක් නෑ මට බුරුවෙක් කියන්න. මම බූරුවෙක් නොවේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ තමයි වැඩිම උගත්තු පිරිසක් සිටින්නේ ඉතිහාසයේම.
මේ රටේ ඛේදවාචකය ප්‍රඥ්වන්තයෝ හදන්නේ නැති එකයි. සියලුම පාසල් අද හදන්නේ දැනුම දෙන්න. දැනුම මැකෙනවා. දැනුමෙන් මනුෂ්‍යයෝ හැදන්න බෑ. විභාග සමත් , ජිවිතය අසමත්.
පාර්ලිමේන්තුවේ අහිංසකම මන්ත්‍රිවරයා අමරකීර්තී අතුකෝරාළ. ඒ මනුෂ්‍යාව ගහලා, මරලා පාරට ඇදලා දැම්මා. ඒ සහසිකත්වය නිර්මාණය කළේ ජනතා විමුක්ති පෙරමුණයි.
ඒ නිසා කරුණාකරලා අපි සාමකාමි යුක්ති ගරුක සාධරණ සමාජයක් හදන්න මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දෙනවා. අපිට ඇමතිකම්, තනතුරු එපා.මට ඉන්න තැනක් නෑ. අපිට නිදහසේ ඉන්න දෙන්න. මරණභියෙන් තොරව. මගේ මිණිබිරියට නිදහස් රටක් හදන්න මම උත්සහ කරන්නේ. හිතන්න පුළුවන්, අදහස් බයක් නැතිව ප්‍රකාශ කරන්න පුළුවන් රටක් අපි හදමු.”යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

 

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාව එළවලු තෙල්වලින් ස්වයංපෝෂිත කරවීමට POIASL, හා සුළු පරිමාණ වගාකරුවන් දැනුවත් කිරීමට ඉන්දියානු සහාය!

Next Post

DFCC බැංකුව අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ සහ නාඋල ශාඛා නව ස්ථාන වල ස්ථාපිත කරයි

editor

editor

Next Post

DFCC බැංකුව අලුත්ගම, කාත්තන්කුඩි, අක්කරේපත්තු, නුගේගොඩ සහ නාඋල ශාඛා නව ස්ථාන වල ස්ථාපිත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved