• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීනයෙන් එවනු ආධාර මාටියා ගහන්න ලැස්ති වෙන්න එපා – නාමල් කරුණාරත්න

4 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

‍චීනයෙන් මෙරට දුප්පත් ගොවීන්ට, ධීවරින්ට ලබා දුන් ඉන්ධන ආධාරවලින් මාටියා ගැසීමට සුදානම් නොවන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, එප්පාවල හුරිගස්වැව ප්‍රදේශයේදී විසඳුම වෙනුවෙන් ගොවිජන බලය ගොඩ නගමු යන මැයෙන් පැවති ගොවි හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා, ” 2021 යල කන්නය අවුල් කෙරුවා, 2021/22 මහ කන්නය ඊටත් වඩා අවුල් කෙරුවා, 2022 යල කන්නය හරියට කරන්න දෙනවා කිව්වා, ඒක මස්ත බාල්දුම කෙරුවා, දැන් මේ මහ කන්නය ඇවිල්ලා තියෙන්නේ, මහ කන්න හරියට කරනවා කිව්වා, හැබැයි මහ කන්නයත් එහෙම්මමයි, මහ කන්නයට අවශ්‍යය පොහොර ටික තවම ගොවියට ලැබිලා නෑ, පොහොර ගේන්න ආණ්ඩුව තීන්දුව ගන්නේ පහුගිය ජූනී 06 වැනිදා කැබිනට් මණ්ඩලයෙන් පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් ගේන්න, හෙට අනිද්දා වෙන කොට මාස 05 ක් ගත වෙනවා, මේ මාස 05 ඇතුළත පොහොර ගෙනල්ලා පොහොර බෙදලා මේ වන කොට මාස 02 ක් විතර කල් ගත වෙලා, හැබැයි තව වෙනකල් ගොවියාගේ අතට පොහොර ටික හම්බෙලා නෑ, ඊයේ – පෙරේදා තමයි පොහොර ටිකක් ආවේ, මේ මහ කන්නයේ ගොවියා සංතෝෂයෙන් හිටියා ආණ්ඩුව පාර්ශවයෙන් මහින්ද අමරවීර පුන-පුනා කිව්වා යූරියා මිටියක් නොමිලේ ගොවියට දෙනවා කියලා, ඉතිරු ටික පොහොර දෙනවා කිව්වා අඩුවක් නැතිව, දැන් නොමිලෙත් නෑ, සල්ලි වලටත් නෑ, මොනවත් නෑ, ඒ වගේම මහින්ද අමරවීර පහුගිය දවසක කියනවා, හෙක්ටයාර එකක පොහොර දෙනවා කිලෝ 157 ක් කියලා, මිනිහා කාටද කෝල් එකකුත් දීලා මේක කිව්වේ, එතකොට අක්කරයකට කිලෝ 60.5 ක් හම්බෙන්න ඔ්න, හැබැයි අක්කරයකට ගොවියකුට හම්බෙන්නේ 14 යි, කෝ මේ දෙනවා කියපු එක, රූපවාහිනී නාලිකා වලින් නම් පොහොර බෙදනවා හෝ ගාලා, හැබැයි ගොවියාට නම් තාම ලැබිලා නෑ,ඒ වගේම මේ අය කතා කරන්නේ යූරියා ගැන විතරයි, වී වපුරන්න කලින් ටී.එස්.පී ගහන්න ඔ්න, මඩ පොහොර ගහන්න ඔ්න, මඩ පොහොර ගැන කථාවක් නෑ, ගොයමට දවස් 45 ගත වෙන කොට එම්.ඔ්.පී ගහන්න ඔ්න, බණ්ඩි පොහොර ගහන්න ඔ්න, ඒවා ගැන කථාවකුත් නෑ, යූරියා ගැන විතරයි කථා කරන්නේ, ඒ යූරියත් අවශ්‍යය ප්‍රමාණයට දෙන්නේ නෑ,ඊළඟට ආණ්ඩුව කිව්වා 70% ක් රසායනික පොහොර, 30% ක් කාබනික පොහොර කියලා, හැබැයි ගොවීන්ට 1% ක් වත් කාබනික පොහොරත් නෑ, රසායනික පොහොරත් නෑ, ඒකත් එක්ක මේ මහ කන්නයත් මස්තබාල්දු තත්වයට පත් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව.

බඩ ඉරඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 05 කට වැඩි ප්‍රමාණයක් අපිට අවශ්‍යයි, මේකෙන් අඩු ගානේ නිෂ්පාදනය කරන්නේ නෑ මෙට්‍රික් ටොන් ලක්ෂයක්වත්, ඒ තැනට මේ බඩඉරඟෞ ගොවිතැන වට්ටලා තියෙන්නේ, ලංකාවේ වැඩියෙන්ම බඩඉරඟු වගා කරන දිස්ත්‍රික්කය මොනරාගල දිස්ත්‍රික්කය, ඊළඟට වැඩියෙන්ම වගා කරන දිස්ත්‍රික්කය අනුරාධපුර දිස්ත්‍රික්කය, මේ වන විට බඩඉරඟු ගොවියා මුහුණ දුන්න ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා, එකක් තමයි පොහොර ප්‍රශ්නය, පොහොර නෑ, වී වගාව ගැන විතරයි කථා කරන්නේ ඇමතියා හා ආණ්ඩුව, අනෙක් දේවල් වගාවන් නෙමෙයි, අනෙක් පැත්තෙන් බඩඉරඟු බීජ පැළ වෙන්නේ නෑ, පැළ වුණත් පැළ අසාර්ථකයි, දුර්වල බීජ මේ බඩඉරඟු බීජ වලට එකතු කරලා තියෙනවා.පැළ වීමේ ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා, පැළ වෙන බීජයෙත් දුර්වල පැළයක් නිර්මාණය වෙන්න පටන් ගෙන තියෙනවා, ඒකෙන් හොඳ සාර්ථක කරලක් ගන්න බැරි වෙනවා, දැන් ගොවියට බිම සකස් කරන්න, අනෙකුත් කටයුතු කරන්න නිෂ්පාදන වියදම වැඩියි, බීජ වල මිලත් වැඩිය, පොහොර හොයා ගන්නත් නෑ, පට්ට වියදමක් දරලා වගා කළාට පස්සේ සොච්චම් අස්වැන්නක් ගන්න සිද්ධ වෙනවා, මෙන්න මේකත් එක්ක බඩඉරඟු ගොවියා නන්නත්තාර කරලා තියෙන්නේ.

ආණ්ඩුව සල්ලි දීලා ගේන හැම එකකින්ම කොමිස් ගහනවා, ඊට පස්සේ ලෝකේ රට රටවල් වලින් අපි වෙනුවෙන් හිඟා කාලා එවන හාල් ටිකෙනුත් කොමිස් ගහනවා, බෙහෙත් ටිකෙනුත් කොමිස් ගහනවා මේ ඔක්කොගෙන්ම කොමිස් ගහනවා, නොමිලේ බෙදන්න එවන ඒවත් මිනිස්සුන්ට නොමිලේ දෙන්නේ නෑ, ඊළඟට ඒගොල්ලන්ගේ දේශපාලන වුවමනාවන් ඉෂ්ඨ කර ගන්න ඒ ගොල්ලන්ගේ මන්ත්‍රීවරුන් හරහා මේවා බෙදන්න යනවා.ඒක ඇතුලෙන් හොර පාරේ මේවා විවිධ ආකාරයට යනවා, ඩීසල් ලීටර මිලියන 10.6 ක් චීනයෙන් ආධාරයක් විදිහට අපේ රටේ දුප්පත් ගොවියට, ධීවරයට එවනවා, ආණ්ඩුව ගැන අපිට විශ්වාස නෑ, පහුගිය දවස් වල ඇමතිවරුන්ගේ ගෙවල් ගිණි තියාගෙන, ගිණි තියාගෙන යන කොට මේ ඇමතිවරුන්ගේ ගෙවල් වලින් පොහොර මිටි 400-500 හම්බුණා, අන්න ඒ විදිහට ඉස්සරහට මේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් වලින් ඩීසල් බවුසර් පිටින්, ටැංකි පිටින් හම්බවෙයිද දන්නේ නෑ, අන්න එහෙම අවිශ්වාසයක් තමයි රටේ ජනතාවට තියෙන්නේ, අපිටත් ඒ අවිශ්වාසය තියනවා, කරුණාකරලා, චීනය මේ එවපු ආධාර ඉන්ධන ටික, මේ අහිංසක ගොවි ජනතාවට, ධීවර ජනතාවට බෙදා දෙන්න ඔ්න ආණ්ඩුව, මේ වෙනුවෙන් ශත පහක්වත් ජනතාවගෙන් අය කරන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි කියනවා. අපි ඔ්ගොල්ල දිහා බලාගෙන ඉන්නවා, ඔය ගොල්ල හරිම සැකයි, මොකද? ඔ්කෙනුත් ඔය ගොල්ල මාටියා ගහන එක වලක්වන්න බැරි වෙයි කියලා අපි හිතනවා.හැබැයි අපි මේ ගැන හොඳ හෝදිසියෙන් ඉන්නවා මාටියා ගහන්න නම් ලෑස්ති වෙන්න එපා.

තමුන්ට ගැලපෙන විෂයන් ඇමතිවරුන්ට දෙන්න ඔ්න, තමුන් දන්න විෂය කථා කරන්න ඔ්න, මේවා අහන කොට හිනා යනවා, රූට්, පර්ච්, අක්කර, හෙක්ටයාර දන්නේ නැති ඇමතිවරු තමයි ආණ්ඩුවේ ඉන්නේ, මොනවා කථා කරන්නද? මේවා අහන කොට අපිට හිනා යනවා, ගීතා කුමාරසිංහලාට අපිට කියන්න තියෙන්නේ ඔයා රඟපාන්න නම් දක්ෂයි තමයි ඒ වුණාට නොදන්න දේවල් ගැන කථා කරන්න ගිහින් තවත් නෝන්ඩි වෙන්න එපා, දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු, රට පාලනය කරන අය, මේ අයට සාමාන්‍යය දැනීම පිළිබඳව, සාමාන්‍යය ගොවියා ගැන අදහසක් නෑ කියන කාරණය මේ ඔප්පු කරන්නේ, මේ වගේ රට හිනස්සන රැස්වීම් වලට යන්නත් එපා, රට හිනස්සන ප්‍රශ්න අහන්න යන්නත් එපා,තමුන්ට ගැලපෙන දේ කරාගෙන හිටියා නම් නෝන්ඩි වෙන්නේ නෑ කියන දේ තමයි මට කියන්න තියෙන්නේ.

හේෂා විතාන අපිට චෝදනා කරනවා රනිල්ට අපි හීලෑ වෙලා කියලා, හැබැයි රනිල් කියන්නේ හේෂා විතානගේ නායකයා, ඒ අය ඔ්නවටත් වඩා හීලෑ වෙලා ඉන්නේ.රනිල් ඉදිරිපත් කරපු වැඩ පිළිවෙල අනුමත කරනවා කියලා කිව්වා සජිත්, අපේ ප්‍රථිපත්තිම තමයි ඒකේ තියෙන්නේ කියලා කිව්වා, ඊට පස්සේ රනිල් අය-වැයක් ඉදිරිපත් කෙරුවා, ඒ අය-වැයේදී ඔය හේෂා විතානලා, සජිත්ලා ඒකට විරුද්ධව ඡන්දය දුන්නාද? අපි ඒකට විරුද්ධව ඡන්දය දුන්නා.ඒ අය ඡන්ද නොදී මඟ ඇරලා ගියා, ඒ වගේම ඔය රනිල්ගේ ආණ්ඩුව ජනතාව මර්ධනය කිරීමට හා රටට අහිතකර යම් යම් යෝජනාවන් ගෙන ආවා, ඒ යෝජනා වලට මේ අය විරුද්ධව ඡන්දය දුන්නාද? නෑ මේගොල්ල මඟඇරියා, ඒ නිසා රනිල්ගේ පදයට නටන්නේ කවුද කියන එක ඒ ගොල්ල විසින්ම ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා, ඛණිජ තෙල් සංස්ථාවට අදාළව ගත්තොත් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේනවා, ඒකට ඔය හේෂලා, සජිත්ලා විරුද්ධ වුණාද? ඡන්දේ දුන්නද? නෑ, අය-වැයට විරුද්ධව ඡන්දය දුන්නද? නෑ, මඟඇරියා, රනිල් පාර්ලිමේන්තුවට ප්‍රථිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන කොට අපේ එකෙයි, ඒකෙයි වෙනසක් නෑ .අපේ ප්‍රථිපත්තිම තමයි ඒකෙත් තියෙන්නේ කියනවා.දෙක සමානයිනේ, තමන්ගේ පරණ නායකයානේ, ඒගොල්ල කොහොමත් මෙතන්ට හීලෑ වෙලා ඉන්නේ.ඔය හේෂාගේ පක්ෂය නියෝජනය කරන හරීන්ලා, මනූෂලා දැන් අද කොහෙද ඉන්නේ? රනිල් ලඟනේ, මේ කට්ටිය එකට ඉන්නේ, එකට කන්නේ බොන්නේ, එකට දීගකන්නේ, එහෙම කරන ගමන් පැත්තක ඉන්න අයට ඇඟිල්ල දික් කරනවා.අනෙක් අයට ඇඟිල්ල දික් කරන්න කලින් හේෂා කණ්නාඩියක් ලඟට ගිහින් බලන්න එතකොට ඔයා කවුද කියලා පෙනෙයි, ඔයාගේ පැටිකිරියත් අපි දන්නවා රත්නපුර දිස්ත්‍රික්කයේ අහගන්න එපා අපෙන්.

ඒ වගේම වාසු දේව කියනවා ජාතික ජන බලවේගයට ආණ්ඩු කරන එක හීනයක් කියලා, වාසුදේව මහත්තයෝ ඔයාට දැන් වයසයිනේ සෑහෙනට, වේලිච්ච වට්ටක්ක ගෙඩියක් කියලානේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔයාට පහුගිය දවස් වල ප්‍රකාශ කෙරුවේ, ඒ හින්දා ඔය වයසත් එක්ක ඔලුව මඤ්ඤං වුණාම විවිධ ප්‍රකාශ නිකුත් වෙනවා, ඔයා පක්ෂ කීයක, සන්ධාන කීයක, ආණ්ඩු කීයක හිටියාද?ඒ හින්දා තමුන් දිහා තමුන් ඉස්සරලා බලන්න.මේ තත්වයත් එක්ක ඔයගොල්ල හිතනවා නම් තව දුරටත් ඔයගොල්ල ඔක්කොම එකතු වෙලා ආයේ නැවත ආණ්ඩුවක් හදන්න අන්න ඒක නම් හීනයක්.මේ වන විට රටේ කරලා තියෙන සමීක්ෂණ සියල්ලෙන්ම අද උඩින්ම ඉන්නේ, ඉදිරියෙන්ම ඉන්නේ ජාතික ජන බලවේගය, ඒක පැහැදිලියි, අන්න එකත් එක්ක ඔයගොල්ල සෑහෙනට කළබල වෙලා තියෙනවා.කළබල වෙලා අපිට මඩ ගහනවා, පහර එල්ල කරනවා කියන කාරණය නම් පැහැදිලියි, සියලුම සතුරු කඳවුරු, සතුරු බලවේග මේ වෙන කොට එක රොඳකට රොද බැඳගෙන ඉන්නවා කියන කාරණය පැහැදිලියි, අන්න ඒකත් එක්ක කළබල වුණාම මොලය මඤ්ඤං වෙනවා, ඒකට වයසත් එකතු වුණාට පස්සේ තව ඩබල් මඤ්ඤං වෙනවා.ඩබල් මඤ්ඤං වෙන කොට වාසූ දේව මහත්තයලා කරන ප්‍රකාශ මොනවාද කියලා ඒ ගොල්ල දන්නෙත් නෑ.අපිට බනින එක ඇතුලෙන්ම පේනවා, ඒ ගොල්ල කාටද භය වෙලා තියෙන්නේ කියලා.අපි ඒ ගොල්ලන්ට අභියෝගයක් නෙමෙයි නම් ඇයි අපි ගැන මේ තරම් උනන්දු වෙන්නේ, මේ 3% ඇයි මේ තරම් ගණන් ගන්නේ, මේ ගොල්ලන්ගේ හැම රැස්වීමකම අපිව ටාගට් වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ ගොල්ල දන්නවා මේ වෙන කොට මහජන මතය තියෙන්නේ කොතනද කියලා. 3% ගැන ඇයි ඔච්චර කළබල, කළබලේ ඇතුලේම පේනවා අපි කොතනද ඉන්නේ ඒ ගොල්ල කොතනද ඉන්නේ කියලා.අපේ සාර්ථකත්වය අපි මනින්නේ අපිට එන ප්‍රශංසා වලින් නෙමෙයි ප්‍රධාන වශයෙන්ම, අපිට එන ගැරහුම්, අපිට එන කෙනහිළිකම් වැඩි වෙන තරමට අපි තේරුම් ගන්නවා, අපිව සතුරට බරපතල විදිහට දැනිලා තියෙනවා කියලා.ඒ දැනිච්ච ප්‍රමාණය අනුව තමයි දිගින් දිගටම අපිට ඒ විදිහට ප්‍රහාර එල්ල කරන්නේ, රටේ ජනතාව මේක දකිනවා, ඒ තුළින් වඩා හොඳ තීරණයක් ජනතාව ඉදිරියට ගන්නවා යැයි නාමල් කරුණාරත්න මහතා පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

INSEE සිමෙන්ති IUCN සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Next Post

අරුමපුදුම ආකාරයට රිෂාඩ් බදියුදීන් නිදහස් විය මියගිය අහිංසකයන් නැවත මරාදැමීමක් – ජයන්ත සමරවීර

editor

editor

Next Post

අරුමපුදුම ආකාරයට රිෂාඩ් බදියුදීන් නිදහස් විය මියගිය අහිංසකයන් නැවත මරාදැමීමක් - ජයන්ත සමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved