ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය දුලන් කොඩිකාර මහතා පාකිස්ථාන සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිස් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සක (Head Physiotherapist) තනතුර සඳහා පත් කර තිබෙනවා
මෙය ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක මෙවැනි වගකිවයුතු ඉහළ තනතුරකට පත් වූ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙනවා
ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ ක්‍රීඩකයන්ගේ ආබාධ කළමනාකරණය පිළිබඳව දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ආචාර්ය දුලන් කොඩිකාර මහතාගේ මෙම නව පත්වීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා භෞත චිකිත්සක ක්ෂේත්‍රයට ලැබුණු විශාල ගෞරවයක් වනවා















