ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) ආසන්නයට ඩ්‍රෝන යානා දෙකක් කඩා වැටීමෙන් විදේශිකයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ ඝානා ජාතිකයන් දෙදෙනෙකු, බංග්ලාදේශ ජාතිකයෙකු සහ ඉන්දීය ජාතිකයෙකි.
ඩ්‍රෝන යානා කඩා වැටීමත් සමඟ ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුවද, ඩුබායි ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු සඳහා ඉන් බාධාවක් එල්ල වී නොමැති බව බලධාරීන් තහවුරු කරයි. ඒ අනුව ගුවන් ගමන් කටයුතු දැනට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.













