ඩුබායිහි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා ඩුබායිහි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් 300 දෙනෙකු සමඟ විශේෂ හමුවක් පවත්වා තිබේ. වර්තමානයේ කලාපය තුළ පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ ඩුබායිහි ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සහ සංවර්ධන ගමන වේගවත් කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.
සිය නිල X ගිණුම හරහා අදහස් දක්වමින් ෂෙයික් හම්දාන් සඳහන් කර ඇත්තේ ඉහළම මට්ටමින් ව්‍යාපාරික අඛණ්ඩතාව සහ සේවාවන් පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බවයි. අභියෝග හමුවේ නව අවස්ථාවන් නිර්මාණය කරගනිමින් වඩාත් ශක්තිමත්ව නැගී සිටීමට ඩුබායි සහ සමස්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් බවත්, ලෝකයට ලබාදෙන පණිවිඩය ඉතා පැහැදිලි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ආර්ථික බලපෑම් මධ්‍යයේ වුවද, ඩුබායිහි ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමටත්, එමීර් රාජ්‍යයේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව (Economic resilience) තවදුරටත් ශක්තිමත් කිරීමටත් මෙහිදී තීරණය වී ඇත.














