ඉරානයේ සිට එල්ල වූ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් අද (07) සාර්ථකව මැඩපැවැත්වීමත් සමඟ, ආරක්ෂිත පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (DXB) මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඩුබායි අහසේ ප්‍රබල පිපිරීම් හඬවල් කිහිපයක් ඇසුණු අතර, මිසයිල කොටස් පතිත වීමෙන් සුළු හානි සිදුවුවද කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා වී නොමැති බව ඩුබායි මාධ්‍ය අංශය තහවුරු කරයි.
පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ එමිරේට්ස් (Emirates) ගුවන් සේවය සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති අතර, මගීන්ට ගුවන් තොටුපළ වෙත නොපැමිණෙන ලෙස උපදෙස් දී ඇත. මීට පෙර එමිරේට්ස් ගුවන් සේවය සිය මෙහෙයුම් 100%ක් යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර තිබුණද, මෙම හදිසි ආරක්ෂක තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කිරීමට සිදුව තිබේ. මේ වන විට ඩුබායි බලා පැමිණෙමින් තිබූ ගුවන් යානා රැසක් ගුවනේ රඳවා තබා ගැනීමට (Holding patterns) හෝ වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත














