ඩුබායිහිදී පැවැත්වෙන 2026 ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී (World Para Athletics Grand Prix) තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ බැබළවීමට සමන් සුබසිංහ අද (12) සමත් විය. පිරිමි මීටර් 400 (T47 කාණ්ඩය) අවසන් තරගයට සහභාගී වූ ඔහු තත්පර 50.86ක කාලයකින් තරගය නිම කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. මෙය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, ජනනි ධනංජනා සහ බුද්ධික හේෂාන් ලබාගත් පදක්කම්වලින් පසු ශ්‍රී ලංකා පදක්කම් සටහන තවදුරටත් ශක්තිමත් කිරීමට සමන්ගේ මෙම දක්ෂතාව හේතු විය.
සමන් සුබසිංහ යනු මීට පෙර ද ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි. විශේෂයෙන්ම 2024 පැරිස් පැරාලිම්පික් උළෙල නියෝජනය කිරීමට ද ඔහු වරම් ලැබූ අතර, ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ද පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් වී ඇත. ඩුබායිහිදී අත්කරගත් මෙම ජයග්‍රහණය ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ඔහුට විශාල අත්දැකීමක් සහ මානසික ශක්තියක් වනු නොඅනුමානය.














