ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ගුවන් තොටුපළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සඳහා වන ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් ඔහුව පරීක්ෂාවට ලක් කර ඇත.
ඔහු සතු ගමන් මලු පරීක්ෂා කිරීමේදී විදේශයක නිෂ්පාදිත මැන්චෙස්ටර් (Manchester) වර්ගයේ දුම්වැටි 35,000ක් අඩංගු දුම්වැටි කාටන් 175ක්, නිකොටින් පැකට් 2,000ක් සහ විද්‍යුත් දුම්වැටි (E-cigarettes) 50ක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ රේගුව වැඩිදුර විමර්ශන සිදු කරයි.















