ඩුබායි පොලිසියේ හදිසි නොවන සහ සාමාන්‍ය විමසීම් සඳහා වෙන්වූ ‘901’ ඇමතුම් මධ්‍යස්ථානය වෙත 2026 වසරේ ජනවාරි 01 සිට මාර්තු 10 දක්වා කාලය තුළ ඇමතුම් 274,251ක් ලැබී තිබේ. මහජනතාව සහ පොලිසිය අතර සබඳතාව ශක්තිමත් කරන ප්‍රධාන සන්නිවේදන මාර්ගයක් ලෙස මෙම සේවාව මේ වන විට සේවා 33ක් සපයනු ලබයි.
අපරාධ සම්බන්ධ තොරතුරු, රථවාහන සේවා, විවිධ සහතික පත්‍ර සහ බලපත්‍ර ලබාගැනීම මෙන්ම ප්‍රජා සහය සේවා ද මෙම 901 ක්ෂණික ඇමතුම් අංකය හරහා පැය 24 පුරාම ලබාගත හැකිය. මීට අමතරව ඊමේල්, ඩුබායි පොලිස් ස්මාර්ට් යෙදුම (Smart App) සහ සෘජු චැට් (Live Chat) පහසුකම් ඔස්සේ ද මෙම සේවාවන් ක්‍රියාත්මක වේ.
ඩුබායි පොලිසිය සඳහන් කරන පරිදි, මෙම ඇමතුම් සඳහා ඉතා ඉහළ වෘත්තීය මට්ටමකින් ප්‍රතිචාර දැක්වීමට දක්ෂ එමීර් රාජ්‍ය ජාතික කාර්ය මණ්ඩලයක් යොදවා ඇත. චෙක්පත් අගෞරව වීම් වාර්තා කිරීම, ඇප ඉල්ලීම් කළමනාකරණය සහ අස්ථානගත වූ දේපළ පිළිබඳ තොරතුරු ලබාදීම වැනි වැදගත් සේවාවන් රැසක් මෙමගින් කාර්යක්ෂමව ඉටු කෙරේ. ලොව ආරක්ෂිතම නගරයක් ලෙස ඩුබායිහි නාමය පවත්වා ගැනීමට සහ ජනතා තෘප්තිය ඉහළ නැංවීමට මෙම පද්ධතිය ඉමහත් පිටුවහලක් වී තිබේ.














