විදේශයක සිට මෙහෙයවනු ලැබූ සංවිධානාත්මක සිඟමන් ජාලයකට සම්බන්ධ ආසියාතික සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය අද (08) සමත් විය. මෙම කල්ලිය විවිධ ගොතන ලද කතා සහ හැඟීම්බර ප්‍රකාශ ඉදිරිපත් කරමින් මහජනතාවගේ අනුකම්පාව ලබාගෙන මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
ඩුබායි පොලිසිය විසින් “පිබිදුණු සමාජයක් – හිඟාකෑම්වලින් තොරයි” (A Conscious Society, No Begging) යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස කොටු කරගෙන ඇත. රටේ ගෞරවනීය ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සහ මෙවැනි සංවිධානාත්මක අපරාධ මැඩලීම මෙහි අරමුණයි. විශේෂයෙන්ම, මෙම ජාලය මෙහෙයවා ඇති ප්‍රධාන සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බැහැරව සිටිමින් මෙය මෙහෙයවා ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළේය.














